සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා හෙද සංගමය අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබේ. මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රය තුළ මේ වන විට පැනනැගී ඇති විවිධ ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් සහ තිරසාර විසඳුම් ලබාදීම මෙම හමුවේ මූලික අරමුණ වී ඇත. මෙහිදී විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය හෙද සේවාව තවදුරටත් පුළුල් කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ විශිෂ්ට සේවාවක් සැපයීම සඳහා පවතින මානව සම්පත උපරිම අයුරින් කළමනාකරණය කරගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව මෙම සාකච්ඡාව පැවැත්වීම සුවිශේෂී වන අතර, හෙද සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට බාධාවක්ව පවතින පරිපාලනමය සහ වෘත්තීය ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි ද මෙහිදී අමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු විය. සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේදී හෙද සේවාව ඉටුකරන සුවිශේෂී මෙහෙවර අගය කරමින්, ඔවුන්ගේ ඉදිරි වෘත්තීය අයිතිවාසිකම් සහ සේවා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වූ ප්‍රගතිශීලී තීරණ රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී එකඟතාවන්ට එළඹ තිබේ.














