• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍යසම්පන්න ආපණශාලා මාර්ගෝපදේශ කඩිනමින් ජනතාවට දැන්විය යුතුයි

සෞඛ්‍ය ඇමැතිගෙන් දැඩි පණිවුඩයක්

24 June 2026
in දේශීය, පුවත්
සෞඛ්‍යසම්පන්න ආපණශාලා  මාර්ගෝපදේශ කඩිනමින්  ජනතාවට දැන්විය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාසල් සිසුන් අතර පවතින පෝෂණ ගැටලු විසඳීම සහ බෝනොවන රෝගවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගනිමින් සකස් කළ ‘සෞඛ්‍යසම්පන්න පාසල් ආපණශාලා පිළිබඳ මාර්ගෝපදේශය’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේදී පැවති මෙම උත්සවයේදී ඇමැතිවරයා අවධාරණය කළේ, මෙම මාර්ගෝපදේශවල ඇති පණිවුඩය කඩිනමින් සමාජගත කළ යුතු බවයි.
මෙම මාර්ගෝපදේශයේ ප්‍රධාන අරමුණු වන්නේ නිසි පෝෂණයෙන් සහ බෝනොවන රෝග අවදානමකින් තොර නීරෝගි පාසල් දරු පරපුරක් නිර්මාණය කිරීම, පාසල් සිසුන්ට රසවත් සහ පෝෂ්‍යදායී ආහාර සැපයීම සහ ඒ පිළිබඳ නිවැරදි ආකල්ප ඇති කිරීම, පාසල් ආපණශාලා සනීපාරක්ෂකව සහ විධිමත් ලෙස පවත්වාගෙන යාම තහවුරු කිරීම සහ ආහාර පුරුදු සහ හැසිරීම් සිසුන් හරහා සමාජගත කිරීමයි.
ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ, ඇතැම් ආයතන පාසල් ව්‍යාපෘති සඳහා ලබාදෙන අනුග්‍රාහකත්වයන් හේතුවෙන් හානිකර ආහාර පාසල්වල අලෙවි කිරීම සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බවයි. පාසල්වල විවිධ වියදම් පියවා ගැනීමට දරුවන්ගේ සෞඛ්‍යය පරදුවට තබනවාද නැත්නම් දරුවන්ගේ අනාගත පෝෂණයට ප්‍රමුඛත්වය ලබා දෙනවාද යන්න පිළිබඳව විදුහල්පතිවරුන් සහ පාර්ශවකරුවන් දැඩි තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
එසේම, මෙම මාර්ගෝපදේශය පාසල්වලට පමණක් සීමා නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවල පැවැත්වෙන රැස්වීම් සහ උත්සව සඳහා ද ඉහළ මට්ටමේ සිටම භාවිත කළ යුතු බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සමීක්ෂණ දත්තවලට අනුව පාසල් සිසුන්ගෙන් 17.4%ක් දිනපතා කාබනීකෘත බීම වර්ග ද, 28%ක් දිනපතා සීනි සහිත පාන වර්ග ද පරිභෝජනය කරයි. සිසුන්ගෙන් 28.5%ක් ලුණු අධික කෙටි ආහාර සහ 29.3%ක් අධික මේදය සහිත ආහාර දිනපතා ලබා ගන්නා අතර 70.4%ක් පසුගිය සතිය තුළ අවම වශයෙන් එක් වරක් හෝ මග දෙපස වෙළෙන්දන්ගෙන් ක්ෂණික ආහාර ලබාගෙන ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනෙකුත් අදාළ ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
Post Views: 1
Previous Post

සාර්ක් මහලේකම් තානාපති ගොලාම් සර්වර් විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර හමුවෙයි

Next Post

ශ්‍රී ලංකාවේ ආයෝජනයට ප්‍රංශය සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ආයෝජනයට  ප්‍රංශය සූදානම්

ශ්‍රී ලංකාවේ ආයෝජනයට ප්‍රංශය සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved