මෙරට හෘද සහ රුධිර නාල පද්ධති ආශ්‍රිත රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, අතිනවීනතම ‘කැත් රසායනාගාර’ (Cath Labs) ඒකක 4ක් ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට එක් කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා සිටින හෘද රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රතිකාර සේවාවන් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මෙම නවීන තාක්ෂණය සහිත ඒකක ස්ථාපිත කිරීමත් සමඟ රජයේ රෝහල්වලින් හෘද රෝග ප්‍රතිකාර ලබාගන්නා ජනතාවට ඉහළ මට්ටමේ සේවාවක් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
















