2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා අ.පො.ස. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
මෙම වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කිසිසේත්ම සලකා බලනු නොලබන බව අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ සිසුන්ට ද උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ ඉදිරියට යාමට මෙමගින් දොර විවර වේ.
















