• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය සේවාව වඩාත් සාධනීය තැනකට – ඇමැති කෙහෙලිය

12 June 2023
in දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවකවානුව කළමනාකරණය කර ගනිමින් මේ වන විට එය වඩාත් සාධනීය තැනකට ගෙන එමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ තුම්පනේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවෙමිනි. මෙම සාකච්ඡාවට අමතරව කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමද එදින පැවැති අතර එහිදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි අදාළ ප්‍රශ්න ,ගැටළු ,යෝජනා ඇතුළු කරුණු රාශියක් සාකච්ඡාවට ලක් විය.

මෙම සාකච්ඡාවලදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාස දෙක තුළ ඖෂධ හිඟය අවම කිරීමටත්, බෙහෙත් මිල පහළ දැමීම ඇතුළු කටයුතු රාශියක් 90% කින් පමණ ප්‍රමාණයකින් සාධනීය තැනකට ගෙන ඒමට හැකි බවයි.

එළඹෙන 15 වන දා සිට ඖෂධ මිල 16% කින් අඩු කිරීමට අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් එයට අමතරව සෑම මාස 03 ටම වරක් ඖෂධ මිල සමාලෝචනය කරමින් එම මිල අඩු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

ඉතිහාසයේ තමා දුටු අතිශය අසීරුම සමය පසුගිය වකවානුව බවත් ,අනෙකුත් ක්ෂේත්‍ර වලට වඩා සංවේදී ක්ෂේත්‍රයක් නිසාවෙන් සෞඛ්‍ය පිළිබඳව වඩාත් අවබෝධයෙන් කටයුතු කිරීමට සිදුවන බව හෙතෙම පැවසිය.

තවත් වෛද්‍යවරු 406 ක් ලබන 27 වනදාට පෙර සීමාවාසික පුහුණුව සඳහා යොමු කරමින් මෙරට වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරන බවත් හෙද සේවාව සඳහා ඉදිරි මාසය වන විට 2200 ක් බඳවා ගැනීමට පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එයට අමතරව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 222 දෙනෙකුට ඉකුත්දා පත්වීම් ලබාදුන් බවත් තවත් 600ක පමණ පිරිසක් පුහුණු කරමින් එම සේවාවට එක් කෙරෙන බවත් හෙතෙම කියා සිටියේය.

එළඹෙන අගෝස්තු, සැප්තැම්බර් වන විට ජනතාවට ඉහළ බලාපොරොත්තු තබාගත හැකි ලෙස සෞඛ්‍ය සේවාව සාධනීය තත්ත්වයට පත් වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 20
Previous Post

ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ට කෘෂිකර්ම පුහුණුවක්

Next Post

අලියාන්ස් ලංකා සමාගම D&O රක්ෂණය පිළිබඳ විශේෂ වැඩමුළුවක් පවත්වයි

editor

editor

Next Post

අලියාන්ස් ලංකා සමාගම D&O රක්ෂණය පිළිබඳ විශේෂ වැඩමුළුවක් පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved