• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Healthnet මෙරට ප්‍රථම E ෆාමසි සේවාව ආරම්භ කරයි

8 July 2019
in ව්‍යාපාර

Healthnet ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අංගසම්පූර්ණ e- ෆාමසි සේවාව ආරම්භ කළේය. එය Healthnet වෙබ් අඩවියට නව මුහුණුවරක් ලබා දෙමින් තවත් සේවාවන් කිහිපයක්ම ඊට එක්කරමින් පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන්නට Healthnet සමත්විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව වෛද්‍ය තොරතුරු ඒකකයේ විශේෂඥ මණ්ඩලයේ සභාපති මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව් දිසානායක සහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් නව්‍ය පහසුකම් සහිත වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවය පැවැත්විණි.

Healthnet සම නිර්මාතෘ/ ප‍්‍රධාන විධායක නිලධාරී, දීෂණ බස්නායක මෙසේ අදහස් පල කළේය ‘‘අවුරුදු දෙකක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ Healthnet අපි බලාපොරොත්තු නොවූ තරම් වර්ධනයක් ලබාගත්තා. මේ කාලසීමාවේදී අපගේ සේවාව පිළිබ`ද තෘප්තිමත් පාරිභෝගිකයින් 6,000කට අධික පිරිසකට අපි සේවය ලබා දුන්නා. මේ කාලය තුළ අප වෙත ලැබුණු බෙහෙත් වට්ටෝරු සංඛ්‍යාව 17,000කට වැඩියි. අපගේ සේවය තවදුරටත් ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබ`දව අපගේ පාරිභෝගිකයින් සමග සමීපව කටයුතු කිරීමෙන් අපි දැනගත්තා. නව Healthnet වෙබ් අඩවිය පෙරටත් වඩා සරලයි. පාරිභෝගිකයාට දැනෙන සමීපත්වය පෙරට වඩා ඉතාමත් ඉහළයි. ඒ වගේම සුවිශේෂී නව පහසුකම් රැසකින් සමන්විතයි.’’ යැයි බස්නායක මහතා පැවසිය.

අමතකවීම, මාසික ඖෂධ අවශ්‍යතා ප‍්‍රමාදවීම, වෛද්‍යවරුන් වෙත යාම පමාවීම සහ බෙහෙත් වර්ග නොමැතිවීම වැනි කරුණු මත සංකීර්ණ සෞඛ්‍ය ගැටළු මතුවන බව පසුගිය සමයේ සිදුකරන ලද සමීක්ෂණයක් මගින් සොයාගනු ලැබිණි. මෙම තත්ත්වය නිසා බෝ නොවන රෝගාබාධයන්ගෙන් පෙළෙන රෝගීන්ට බරපතල සංකීර්ණතාවයන් මතුවීමේ අවදානමක් පවතී. මෙම තත්ත්වය මගහැරවීම සදහා Healthnet සිය දායකත්වය පාරිභෝගික පිරිස වෙත ලබා දෙන අතර, පාරිභෝගිකයින් අන්තර්ජාලය හරහා යොමුකරන බෙහෙත් වට්ටෝරු සහතිකලත් ඖෂධවේදීන්ගේ අධීක්ෂණයට ලක්කිරීමෙන් පසු පැය 24ක් ඇතුලත එම ඖෂධ ලබාදීම සිදුකෙරේ.

කොළඹ නගර කලාපයෙහි පමණක් ආරම්භයේදී ඖෂධ බෙදාහැරීම සිදුකළත් මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදිHealthnet සිය සේවය ලබා දෙයි. බෙහෙත් වට්ටෝරු ඉදිරිපත් නොකරන සහ කවුන්ටර ඖෂධ සේවා දිවයින පුරා බෙදාහැරීමද Healthnet සිදුකරයි.

Healthnet.lk ලින්කුව හරහා නව වෙබ් අඩවියට පිවිසිය හැකි අතර, 0766 791791 හා 0117 795 795 යන දුරකතන අංක ඔස්සේ සම්බන්ධ විය හැක. සතියේ දින හතේම පෙරවරු 7.30 සිට රාත‍්‍රී 9.00 දක්වා Healthnet විවෘතව පවතී.

 

Post Views: 17
Previous Post

ගාලු හිරගෙදරට කරවල බැදුමේ කුඩු ගෙනා අයෙකු අත්අඩංගුවට

Next Post

රාජපක්ෂවරුන්ට ඇති සතුරු බලවේග අගොස්තු මස අවසන් කරනවා – කුමාරසිරි කියයි

editor

editor

Next Post

රාජපක්ෂවරුන්ට ඇති සතුරු බලවේග අගොස්තු මස අවසන් කරනවා - කුමාරසිරි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved