ඇද හැලෙන තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 19ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පවතින වර්ෂාපතනයත් සමඟ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.
වාරිමාර්ග ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගංගාවල ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, ගංවතුර අවදානම පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවයි. පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දිනවලදී ද පැවතියහොත් අනෙකුත් ජලාශවල ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














