පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරුවන් ඇතුළු සියලුම වැරදිකරුවන්ට නීතිය මඟින් නිසි දඬුවම් පමුණුවන තෙක් තමන් ඇතුළු පිරිස දැඩි අවධානයෙන් බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි. එමෙන්ම එම සාධාරණය ඉටු කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මෙරට ඉතිහාසයේ සිදු වූ එම අතිශය ඛේදජනක සිදුවීමෙන් පීඩාවට පත් වූ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව පෙන්වා දෙන ඒ මහතා, ඒ සඳහා වත්මන් පාලනාධිකාරිය ගන්නා පියවරයන් පිළිබඳවද සිය අදහස් පළ කළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශන සහ ඉදිරි නෛතික කටයුතු කඩිනම් කර, සැබෑ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය කරුණක් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















