වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව ඉතා අසීරු ජීවිතයක් ගත කරන බවත්, රට යළි ගොඩනැගීමට තමන් සතු ශක්තිය පිළිබඳව විශ්වාසයක් පවතින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (13) දින පැවති ‘මෙහෙවරක ප්‍රණාමය’ උත්සව අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනතාව අද වන විට එදාවේල පවා සරිකර ගැනීමට නොහැකි අසීරු තත්ත්වයකට පත්ව සිටින බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා, තමන්ට යළිත් රටේ බලය ලබා දෙන්නේ නම්, රට ගොඩනගන ආකාරය ක්‍රියාවෙන්ම පෙන්වා දීමට සූදානම් බව අවධාරණය කළේය.
















