ලොව පුරා ඉහළම පිළිගැනීමක් සහ ආදරයක් දිනා සිටින සුප්‍රසිද්ධ “හෙලෝ කිටී” (Hello Kitty) චරිතය පසුගිය මැයි 19 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේදී (CEA) පැවැත්වුණු විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සජීවීව දායකත්වය ලබා දුන්නේය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉතා සාර්ථකව සංවිධානය කර තිබිණි.ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA – ජයිකා) මෙරට මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ පවතින අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් “ප්ලාස්ටික් කළමනාකරණ ධාරිතාව ශක්තිමත් කිරීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය” ක්‍රියාවට නංවයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය මඟින් ප්‍රවර්ධනය කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) ජාතික වැඩසටහන සඳහා ද සෘජුවම දායකත්වය සපයයි. මෙහි ප්‍රධාන පියවරක් ලෙස, ජයිකා ආයතනය ‘හෙලෝ කිටී’ චරිතයේ හිමිකාරීත්වය දරන ජපන් විනෝදාස්වාද සමාගමක් වන සැන්රිඕ (Sanrio) පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම “ප්ලාස්ටික් ස්මාර්ට් ගීතය” (Plastic Smart Song) නිර්මාණය කර ඇති අතර, එමඟින් ළමුන් සහ තරුණ පරපුර තුළ ධනාත්මක චර්යාත්මක වෙනසක් ඇති කිරීම අපේක්ෂා කෙරේ.














