• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළිය රෝස තැපෑලේ අකුණු සන්නායකය අතුරුදන් වීමේ පැමිණිල්ලට පොලිසිය නිහඬයි

21 May 2026
in දේශීය, පුවත්
නුවරඑළිය රෝස තැපෑලේ  අකුණු සන්නායකය  අතුරුදන් වීමේ පැමිණිල්ලට  පොලිසිය නිහඬයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දෙස් විදෙස් සංචාරකයන් අතර අතිශය ප්‍රසිද්ධ ඓතිහාසික නුවරඑළිය රෝස තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ සවිකර තිබූ බහුකෝටි වටිනාකමකින් යුත් පෞරාණික අකුණු සන්නායකය අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලට නුවරඑළිය පොලිසිය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි. ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංවිධානයේ ගයාන් චතුරංග විජයබණ්ඩාර සහ නාලක දිනේෂ් රත්නායක යන මහත්වරුන් කියා සිටියේ මෙම විමර්ශන යටපත් කිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවට තමන් සැක කරන බවයි.
ප්‍රකාශකයන් පෙන්වා දෙන පරිදි, 2007 පෙබරවාරි 23 දිනැති ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම ගොඩනැඟිල්ලේ අකුණු සන්නායකයට හානි සිදුකර, එහි තඹ පටිය කපා එය අස්ථානගත කර ඇති බවට නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිවරිය විසින් ඉකුත් අප්‍රේල් 10 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද අප්‍රේල් 29 වැනිදා ලිපියක් මඟින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇතත්, මේ වනතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ කරුණු අධිකරණයට වාර්තා කිරීමට පොලිසිය අපොහොසත් වී ඇතැයි ඔවුහු පවසති. කෝටි සිය ගණනක් වටිනා මෙම පෞරාණික දේපළ මහදවාලේ කොල්ලකෑම පිළිබඳ පරීක්ෂණ පැහැර හැරීම දැඩි සාපරාධී ක්‍රියාවක් බවත්, අවසානයේදී මීට පෙර සිදු වූ ඇතැම් මූල්‍ය වංචාවලදී මෙන් “සල්ලි හැකර්ලා ගත්තා” වැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු නොකරන ලෙසත් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉඳුනිල් ප්‍රේමලාල් මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ අදාළ පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු නිසි පරිදි සිදුවන බවයි. මේ වන විටත් සිද්ධියට අදාළව පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ (කට උත්තර) සටහන් කරගෙන ඇති බවත්, විමර්ශන මට්ටමින් පවතින බැවින් එම තොරතුරු මාධ්‍යයට නිරාවරණය කළ නොහැකි වුවද ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේදී මීට වඩා නිරවද්‍ය විය යුතුයිරුසියාව විසින් යුක්රේන ඩ්‍රෝන යානාවල ගමන් මඟට බාධා පමුණුවමින් සිදුකරනු ලබන ගුවන් සීමා උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීම සඳහා, යුක්රේනය සිය ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමේදී මීට වඩා අතිශයින්ම නිරවද්‍ය (Precise) විය යුතු බව පෝලන්තය ප්‍රකාශ කරයි. බෝල්ටික් කලාපීය රාජ්‍යයන්හි (Baltic states) ගුවන් සීමාවන් මෑතකදී අඛණ්ඩව උල්ලංඝනය වීමේ සිදුවීම් මාලාවකින් අනතුරුව පෝලන්තය විසින් මෙම නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ. එස්තෝනියාවේ තලින් (Tallinn) අගනුවර පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පෝලන්ත නියෝජ්‍ය අගමැති මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ද වන ව්ලැඩිස්ලාව් කොසීනියැක්-කාමිෂ් (Wladyslaw Kosiniak-Kamysz) මහතා මේ බව අවධාරණය කළේය. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රුසියානු කුපිත කිරීම් (Provocations) සඳහා ඉඩ ප්‍රස්ථා නිර්මාණය වීම වැළැක්වීමට නම් යුක්රේනය සිය ඉලක්ක සපුරා ගැනීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එමෙන්ම තම රටවල් සතු ස්වෛරී භූමීන් කිසිදු අයුරකින් උල්ලංඝනය නොවිය යුතු අතර, ඒවායේ ආරක්ෂාවට කිසිදු පාර්ශවයකින් තර්ජනයක් එල්ල නොවිය යුතු බව ද පෝලන්ත ආරක්ෂක අමාත්‍යවරයා එහිදී දැඩිව කියා සිටියේය.

Next Post

ප්ලාස්ටික් ස්මාර්ට් ගීතයට එක්වූ හෙලෝ කිටී ලංකාවට පැමිණෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්ලාස්ටික් ස්මාර්ට් ගීතයට එක්වූ හෙලෝ කිටී ලංකාවට පැමිණෙයි

ප්ලාස්ටික් ස්මාර්ට් ගීතයට එක්වූ හෙලෝ කිටී ලංකාවට පැමිණෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලාංකිකයන්ගේ ආරක්ෂාවට  රජයේ ඍජු මැදිහත්වීමක්

ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජයේ ඍජු මැදිහත්වීමක්

21 May 2026
සාකච්ඡාවෙන් හෝ සටනින්  සමතයකට එන්න සූදානම්

සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම්

21 May 2026
පවුල් සඳහා  ලොව හොඳම රටවල් අතර  පෙරමුණේ පසුවූ ලංකාව  4 වන ස්ථානයට පත්වෙයි

පවුල් සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට පත්වෙයි

21 May 2026
ප්‍රදේශ රැසකට  තවදුරටත් වැසි

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාංකිකයන්ගේ ආරක්ෂාවට  රජයේ ඍජු මැදිහත්වීමක්

ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජයේ ඍජු මැදිහත්වීමක්

21 May 2026
සාකච්ඡාවෙන් හෝ සටනින්  සමතයකට එන්න සූදානම්

සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved