• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ “හේමාස්” ඕමාන වෙළඳපොළට පිවිසීමට සූදානම් වෙයි

9 July 2022
in දේශීය

ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කොටස්කරුවෙකු වන වසර 72ක් පැරණි හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම (Hemas Holding PLC) ඕමාන වෙළඳපොළට පිවිසීමට නියමිත බව විදේශ අමාත්‍යංශය පවසයි.

ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (OCCI) සභාපති ඉංජිනේරු රේදා ජුමා අල් සලේහ් මහතා හමු වූ ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සහ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා හේමාස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර කවින්ද්‍ර කසුන් සිගේරා මහතා විසින් මෙම අවස්ථාවේ දී හේමාස් සන්නාමය හඳුන්වා දෙනු ලැබීය.

හේමාස් නිෂ්පාදන ඕමාන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රම සහ විධි මෙන්ම සුල්තාන් රාජ්‍යයේ හේමාස් නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අනාගත අභිප්‍රාය පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ. මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීමේ පරමාර්ථයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා හේමාස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහ මස්කට් ෆාමසි (Muscat Pharmacy) (එෆ්එම්සීජී අංශය), කොන්කෝඩියා ව්‍යාපාර සමූහය (Concordia Group), ෆියුචර් වෙල් ට්‍රේඩින්ග්ස් (Future Well Trading) වෙළඳ සමාගම, ලුලූ (Lulu) අති සුපිරි වෙළඳසැල් ජාලය මෙන්ම ස්පා (SPAR) සුපිරි වෙළඳසැල් ජාලය ඇතුළු ඕමානයේ ව්‍යාපාරික සගයන් අතර ව්‍යාපාරාන්තර රැස්වීම් මාලාවක් සඳහා පහසුකම් සපයන ලදි.

හේමාස් පාරිභෝගික භාණ්ඩ සමාගම නිරත වූ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සංචාරය සම්බන්ධීකරණය කළ එම්එස් හෝල්ඩින්ග් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික උපදේශක දිනේෂ්කුමාර් කාර්තිගේසු මහතා ද මෙම නියෝජිත පිරිස සමඟ එක්ව සිටියේය.

 

Post Views: 10
Previous Post

බස්නාහිරට පොලිස් කොට්ඨාශ රැසකට පැනවු ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Next Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට ගිය තවත් 67 ක් නාවික හමුදා භාරයට

editor

editor

Next Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට ගිය තවත් 67 ක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved