• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩි මුදලක් වෙන් කර තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි

25 June 2018
in සංවර්ධන

අධ්‍යාපන පද්ධතියේ ඇතැම් ගැටලු සඳහා පසුගිය රජයන් විසින් ස්ථිරසාර විසඳුම් ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, iii වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන් 116 දෙනෙකු ii වන ශ්‍රේණිය සඳහා උසස් කිරීම නිමිත්තෙන් අද (25) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති උත්සවයකට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දශක ගණනක් තිස්සේ විවිධ පුද්ගලයින් විසින් රටේ අධ්‍යාපනය පිළිබඳව වගකීම දරමින් එම ක්ෂේත්‍රය පිළිබඳ විවිධ වාග් ප්‍රකාශ සිදුකළ ද, සිය පටු දේශපාලන ප්‍රතිපත්තීන් නිසා එම පද්ධතියට අදාළ ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීමට පෙළඹී නොමැති බවයි.

වත්මන් රජයටද අධ්‍යාපන පද්ධතියට අදාළ සියලු ගැටලු එකවර විසඳීම අපහසු වූවද ගත වූ වසර කිහිපය තුළ දී පවා, පද්ධතිය දියුණු කිරීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග රැසක් එඩිතරව ගැනීමට තමන් කටයතු කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

දිවයිනේ පාසල් සඳහා මෙලෙස භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ලබා දුන් පළමු රජය මෙය වන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගිය කාලවකවානූ තුළ දී පාසල් සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන්හට ආදී ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ බාහිර පාර්ශවවල පිහිට පැතීමට සිදු වුව ද වර්තමානයේ දී එම තත්ත්වය වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම, කිනම් පාර්ශවයක් විසින් කිනම් චෝදනාවක් එල්ල කළ ද, වත්මන් රජය විසින් වැඩි වශයෙන්ම මුදල් වෙන් කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බවත්, පසුගිය රජයන් සමයේ දී මුලු රටටම වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම වත්මන් රජය යටතේ එක් පළාතකට පමණක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන සහ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

Post Views: 14
Previous Post

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ

Next Post

පාතාලය මර්ධනයට නීතිය තද වෙන්න ඕන

editor

editor

Next Post

පාතාලය මර්ධනයට නීතිය තද වෙන්න ඕන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved