රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් වෙනුවෙන් අලුතින් නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අංශය සඳහන් කරයි. මෙම ව්‍යාපෘති සිසුන් 400 බැගින් වන Model A සහ සිසුන් 200 බැගින් වන Model B යන වර්ග යටතේ ඉදිකෙරේ.
ඒ අනුව සබරගමුව (2,200) සහ රජරට (2,200) සඳහා නේවාසිකාගාර 07 බැගින් ද, අග්නිදිග (2,000) සහ ඌව වෙල්ලස්ස (1,800) සඳහා නේවාසිකාගාර 06 බැගින් ද, නැඟෙනහිර (1,600) සඳහා නේවාසිකාගාර 05ක් ද ඉදිකෙරේ. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර (1,200), වවුනියාව (1,200) සහ වයඹ (1,200) සඳහා නේවාසිකාගාර 04 බැගින් ද, යාපනය (600), මොරටුව (400), ත්‍රිකුණාමලය (400) සහ ගම්පහ වික්‍රමාරච්චි (400) සඳහා නේවාසිකාගාර 02 බැගින් ද ඉදිකිරීමට නියමිතය. රුහුණ විශ්වවිද්‍යාලයේ (800) නේවාසිකාගාර 04 හි භූමිය සකස් කිරීමේ කටයුතු මේ වන විට 75%ක් නිම කර ඇත.
සියලුම ව්‍යාපෘති මේ වන විට ටෙන්ඩර් කැඳවීම්, මිලගණන් ඇගයීම් සහ සැලසුම් සකස් කිරීමේ විවිධ ප්‍රගති මට්ටම්වල පවතී.
















