අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (14) පැවැත්වෙන භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය කිසිදු ආකාරයකින් පිටවී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
අම්බලන්තොට විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී අද දිනට නියමිත භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීම සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී ඇය මේ බව සඳහන් කළාය. සාමාන්‍යයෙන් දින කිහිපයකට අදාළ ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වෙත යොමු කරන බවත්, මෙහිදී නිලධාරියකු අතින් වැරදීමකින් මතුපිට කවරය පමණක් විවෘත වී තිබුණද ප්‍රශ්න පත්‍ර අඩංගු සෙසු කවර විවෘත කර නොමැති බැවින් කිසිදු ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව ඇය වගකීමෙන් යුතුව අවධාරණය කළාය.














