27 April 2024
#දේශීය

IMF ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්න – එජාප නායක රනිල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවත්, මූල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුල IMF වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසිය.

පසුගියදා පැවැති සාර්ව පාක්ෂික සමුලුවේදි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉල්ලා සිටියේ මෙම වාර්තාවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *