27 April 2024
#දේශීය

නිදහස් පක්ෂය අයින් වෙනවානම් මාත් අයින් වෙනවා – ඇමැති නාමල්

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කර ඇති යෝජනාව අනුව අමාත්‍ය මණ්ඩලය අඩු කිරීම එම පක්ෂයෙන්ම ආදර්ශයක් ලබා දෙන්නෙම් තමා ද ඇමැති ධුරය අතහැරිමට සුදානම් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය “මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමති මණ්ඩලයත් අඩු කරන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය අස්කරගෙන මේක අඩුකරන තැනට ගෙනියන්න. එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. පොහොට්ටුවෙන් ආදර්ශය මම දෙන්නම්.” යැයි අමාත්‍යවරයා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *