• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පරිසර උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

14 March 2024
in පුවත්, සංවර්ධන

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබේ.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි. වැවක්, ඇවිදින මංතීරු, යකඩ පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබාදීම ‍සූර්ය බලශක්තියෙන් සිදු කෙරේ.

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන අළෙවි කිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ,ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමද මෙම උද්‍යානය මඟින් සිදුවේ.

මෙම පරිසර උද්‍යානය ඉදිකිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූවන්ට තිළිණ පත් ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ මෙම ව්‍යාපෘතිය ආර්ථිකය දියුණු කරන වැඩසටහනක්. අප දැන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි වැඩසටහන් පිළිබඳවයි. අද ගාල්ල ප්‍රධාන සංචාරයක ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එය අප තවත් දියුණු කළයුතුයි. මේ තුළින් මෙම ප්‍රදේශවල ජනතාවට විශාල ආදායමක් ලබාගත හැකියි. සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම අප පරිසරය ආරක්ෂා කරගත යුතුයි. මෙවැනි උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වෙනවා. නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් මෙම පරිසර උද්‍යානයේ අලංකාරය නැති කිරිමට පුද්ගලයන් කටයුතු කරනවා. අප සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේදී එහි සුවිශේෂී ස්ථානයක් දකුණු පළාතට හිමි වෙනවා. ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම මහ මෝදර, ගාල්ල බන්ධනාගාරය පැවති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් වෙනවා. සංචාරක ව්‍යාපාරය රටට ඉක්මණින් ආදායම් උපයා දෙන ක්ෂේත්‍රයක්. මුහුදු සීමාව තුළ පවතින සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමට මෙවැනි ව්‍යාපෘති මහත් රුකුලක් වෙනවා. මුහුදුකරයට පමණක් සංචාරක ව්‍යාපාරය සීමා විය යුතු නැහැ. අපි රටට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට මෙන්ම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් ද ගෙන්වා ගැනීමට කටයුතු කළයුතුයි. රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. වසර දෙකකට පෙර ඉන්ධන තිබුණේ නැහැ. පොහොර, ඖෂධ තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඒ වගේම ජනතාව මුදල් උපයනවා. ඒ වගේම කුරුඳු වගාව පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. තේ බෝගයට සුදුසු තැන් වල තේ වගා කර අනෙක් ස්ථානවල කුරුඳු වගා කිරීමෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි. එමෙන්ම තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන ආයතන මේ ප්‍රදේශවලට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා. මෙම කටයුතු සමග ගාල්ල විශාල දියුණුවකට ලක්වනු ඇතැයි අප විශ්වාස කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන , සම්පත් අතුකෝරළ යන මහත්වරුන් මෙන්ම පළාතේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 11,438
Previous Post

වැඩපිළිවෙළක් නැති විපක්ෂයට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Next Post

ඉන්සෙප්ෂන් ප්‍රහාරයෙන් මිනිස් සිත් සොරාගනිවිද? හෙඩ් සෙට් පාවිච්චිය පරිස්සමින්

editor ttvnews

editor ttvnews

Next Post
ඉන්සෙප්ෂන් ප්‍රහාරයෙන් මිනිස් සිත් සොරාගනිවිද? හෙඩ් සෙට් පාවිච්චිය පරිස්සමින්

ඉන්සෙප්ෂන් ප්‍රහාරයෙන් මිනිස් සිත් සොරාගනිවිද? හෙඩ් සෙට් පාවිච්චිය පරිස්සමින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved