27 April 2024
#දේශීය

කොල්ල කෑමට පැමිණ පිරිස් කල පහරදීමෙන් නිවෙස්හිමියා මරුට

කැළණිය, වරාගොඩ පාර ප්‍රදේශයේ ඊයේ (26).රාත්‍රියේදී නිවසක් කොල්ල කෑමට පැමිණි පිරිස් විසින් සිදු කල පහර දීමේදී අයෙකු මිය ගො7ස් ඇති බව පොලිසිය පවසයි.

කඩු සහ පොලු රැගෙන පැමිණි පිරිසක් නිවැසියන්ට පහර දි රන් භාණ්ඩ හා ඉඩම් ඔප්පු කොල්ල කා පලා ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ල මත පොලිස් විමර්ශන සිදු කරයි.

එම පහර කෑමට ලක්ව තුවාල ලැබු නිවසේ පදිංචිව සිටි පියා සහ පුතා තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පියා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 63 ක් වු වරාගොඩ පාර, කැළණීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැළණිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *