• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

“හොන්ඩා” ශ්‍රී ලංකාවේ අතිශය ආදරය දිනාගත් මෝටර්රථ සන්නාමය බවට පත්වේ

9 July 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය COVID-19 වසංගතය අනෙකුත් සෑම කර්මාන්තයකටම මෙන්ම මෝටර් රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඊටත් වඩා, වාහන, යතුරුපැදි සහ ස්කූටර් ආනයනය සඳහා ඇති සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ.

විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමේ පියවරක් ලෙස 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කෙරිණි. එය තවත් වසර දෙකක් අඛණ්ඩව පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට මෝටර්රථ කර්මාන්තයේ නිරත පිරිසේ ආදායම සියයට 60 ක් පමණ අහිමි වී ඇති අතර පිරිවැය පියවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත. මෙම තත්ත්වය ජය ගැනීම සඳහා ස්ටැෆර්ඩ් මෝටර් සමාගම වැනි මෝටර් රථ සමාගම් තම ස්ථාවරයේ සිට අලෙවියෙන් පසු සේවා කෙරෙහි අවධානය යොමු කර ඇත. එහිදී වෙළඳ පොළේ වාහන නඩත්තු කිරීම සඳහා නව නිෂ්පාදන හා සේවාවන් දියත් කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.

හොන්ඩා සමාගමේ ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන සී/ස ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම මෑත කාලීනව එහි අලෙවියෙන් පසු සේවා ලබා දීමේ සන්නාමය වන ‘Honda Care’ යටතේ හොන්ඩා වාහන සඳහා තත්ත්ව පරීක්‍ෂා කිරීම්, වත්මන් හොන්ඩා වාහන යාවත්කාලීන කිරීම සඳහා විශේෂ පැකේජ, විශේෂ මිල ගණන් යටතේ තීන්ත ආලේප කිරීම (Full body paint) ආදී සේවාවන් ලබා දෙයි. එමගින් සිය ගනුදෙනුකරුවන්ගේ වර්ථමාන අවශ්‍යතා සපුරාලමින් සමාගම සඳහා නව ආදායම් මාර්ග උත්පාදනය ද සිදු කෙරේ. මීට අමතරව නියම අමතර කොටස් (Genuine spare parts) යොදා, පාරිභෝගිකයන් විසින් පෙර භාවිතා කල වාහන (Reconditioned) නවීකරණය කරමින් ”හොන්ඩා” සහතික කරන ලද යතුරුපැදි සහ මෝටර් රථ දියත් කරන ලද්දේ විශ්වාසවන්ත ලෙස හොන්ඩා පාරිභෝගිකයින්ට සහතික කළ උසස් තත්ත්වයේ හොන්ඩා වාහන මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙමිනි.

සී/ස ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පාරිභෝගික තෘප්තිය අපට අතිශයින්ම වැදගත් වන අතර අලෙවියෙන් පසු කෙරෙන සේවාවන් මේ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. සමාගමක් ලෙස වසංගතය මධ්‍යයේ සහ යම් යම් සීමාවන් තුළ පවා අපගේ ගනුදෙනුකරුවන්ට ඉතා උසස් සේවාවක් අප පවත්වා ගනු ලැබුවා. වර්තමාන තත්ත්වයන් අනුව සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා අපි දැඩි කැපවීමකින් කටයුතු කරනවා.”

වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා වැඩි දුරටත් මෙසේද පැවසීය. “පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සැබවින්ම අගය කරන සන්නාමයක් ලෙස හොන්ඩා අපි ඒ සඳහා ගනු ලබන පූර්වෝපායන් මගින් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාදෙනවා. එමගින් අප කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය තවදුරටත් ඉහළ නැංවෙනවා. ‘Honda Care’ යටතේ විශේෂිත සේවාවන් ලබා දීම මගින් ගනුදෙනුකරුවන් හා අප අතර බැඳීම දිගටම පවත්වාගෙන යනු ලබනවා. ඒ වගේම අනාගත ගැනුම්කරුවන්ට මිලදී ගැනීමට පෙර තක්සේරු කිරීම සඳහා ඔවුන්ගේ යතුරුපැදි හෝ මෝටර් රථ අපගේ සේවා මධ්‍යස්ථාන වෙත ගෙන ඒමට හැකි අතර සහතික කළ නියම හොන්ඩා අමතර කොටස් සමඟ අලුත්වැඩියා කටයුතු ද අපි එහිදී සිදු කර දෙනවා.”

එමෙන්ම ස්ටැෆර්ඩ් මෝටර්ස් විසින් ProRide පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් ‘ProRide Safety Riding Academy’ ද මෑතකදී දියත් කළේය. එය හොන්ඩා ආරක්‍ෂිත රිය පැදවීමේ අත්පොත් වලට අනුව ආරක්‍ෂිතව ගමන් කිරීමට පුහුණුව ලබා දෙන නවෝත්පාදන අධ්‍යාපන ව්‍යාපාරයකි. එහිදී සියලු ධාවකයින්ගේ මනසෙහි රිය පැදවීමේදී තමන්ට ඇති වගකීමේ වැදගත්කම පෙන්වා දෙනු ලබයි.

පසුගිය මාස කිහිපය තුළ ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ හොන්ඩා හි ඔරොත්තු දීමේ හැකියාව සහ විවිධත්වය සැබවින්ම කැපී පෙනුණි. සමාගම විසින් මෙම කැපී පෙනෙන කාර්ය සාධනයේ ගෞරවය එහි ශක්තිමත් හා සේවයට කැපවූ ශ්‍රම බලකායට පිරි නමයි. හොන්ඩා සමාගමට වසංගතය පැතිර ගිය දා සිට සිය සන්නාම දෘෂ්‍යතාව පවත්වා ගැනීමට විශේෂයෙන්ම බිම්මට්ටමේ සිට වඩාත් ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ උපායමාර්ගික ප්‍රවේශයකට විතැන් වීමද උපකාරී වී තිබේ.

මෙම ක්‍රියාවලිය ඔස්සේ පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව, ආරක්ෂිත සහ සුවපහසු සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දීම සඳහා සමාගම සිය විකුණුම් සහ අලෙවියෙන් පසු සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හඳුනා ගෙන ඒ සඳහා කැපවී කටයුතු කරමින් සිටී. වෙළඳ ‌පොළ ප්‍රමුඛයෙකු ලෙස හොන්ඩා මෝටර් කර්මාන්තය පසුපස හඹා යමින් සිය පාරිභෝගිකයින්ගේ හදවත් තුළ වඩාත් ආදරණීය සන්නාමය ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරයි. එහිදී Brand Finance සහ LMD විසින් මෑතකදී ද ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනාගත් මෝටර් රථ සන්නාමය ලෙස හොන්ඩා පිළිගැනීමට ලක් වීම තවත් සාක්ෂියකි.

වසංගත තත්ත්වය පැවතියද ශ්‍රී ලංකාව තුළ වාහන වලට ඇති ඉල්ලුම ශක්තිමත්ව පවතී. විශේෂයෙන්ම මේ තත්ත්වය යටතේ පොදු ප්‍රවාහනයට වඩා පුද්ගලික ප්‍රවාහනය භාවිත කිරීමට ජනතාව වැඩි කැමැත්තක් දක්වති. ඒ අනුව මෙම තත්ත්වය සහ 2030 තම ආයතනයේ දැක්ම අනුව සංචාරණයේ දියුණුවට නායකත්වය දෙමින් ලොව පුරා සිටින ජනතාවට ඔවුන්ගේ දෛනික ජීවිතය වැඩිදියුණු කර ගැනීමට, සෑම පියවරකදීම සේවය සඳහා වූ කැපවීම සහතික කරන හොන්ඩා සමාගම සිය සන්නාමය කෙරෙහි ඇති විශ්වාසය තව දුරටත් ශක්තිමත් කරයි.

පිටපත – Communique PR

 

Post Views: 1
Previous Post

වරාය නගරයේ රැකියා මෙරට තරුණයින්ට – රාජ්‍ය අමාත්‍ය සීතා

Next Post

සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් – ජනපතිගෙන් පුළුල් වැඩපිළිවෙළක්

editor

editor

Next Post

සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් - ජනපතිගෙන් පුළුල් වැඩපිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025

Recent News

ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved