හොරණ, බටගොඩ ප්‍රදේශයේ “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ 13 දෙනා අතරින්, ඥාතීන් විසින් හඳුනාගන්නා ලද 07 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (06) හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කෙරිණි.
මෙම මරණ පරීක්ෂණ කටයුතු අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ගින්නෙන් මියගිය සෙසු 06 දෙනාගේ මළ සිරුරු තවමත් හඳුනාගෙන නොමැති අතර, එම සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ වැඩිදුර කටයුතු සඳහා නාගොඩ, ගල්ලස්හේනේ පිහිටි ළමා හා මාතෘ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් පවතින විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















