හොරණ හදපාන්ගොඩ නැගෙනහිර වසම තුළ ක්‍රියාත්මක වූ ‘ප්‍රජාශක්ති’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, කිරිගල බුදුපිලිමය අසලින් ආරම්භ වී අදාළ ප්‍රදේශයේ අසමසම කෙත්බිම් වෙත ලඟාවෙන වේල්ල මාර්ගයේ එක් අදියරක් සාර්ථකව කොන්ක්‍රීට් කර සංවර්ධනය කර තිබේ.
දිගුකාලීනව මෙම මාර්ගය නිසි ලෙස සකස් වී නොතිබීම හේතුවෙන් ගොවි ජනතාවට තම අස්වැන්න නෙළා ගැනීමට සහ ප්‍රවාහන කටයුතු සිදු කිරීමට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබිණි. ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහ ප්‍රජාශක්ති සංවර්ධන කමිටුවේ සක්‍රීය මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා කඩිනමින් මාර්ගයේ අදාළ කොටස කොන්ක්‍රීට් කර මගී සහ ප්‍රවාහන පහසුකම් නංවාලීමට පියවර ගෙන ඇත.
මෙම සංවර්ධන කටයුත්ත හේතුවෙන් හදපාන්ගොඩ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ දෛනික ආර්ථික හා කෘෂිකාර්මික කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉතා කාර්යක්ෂමව සිදු කර ගැනීමට මේ හරහා විශාල පහසුවක් සැලසී තිබේ.














