හොරණ – මොරොන්තුඩුව මාර්ගයේ යාලගල හන්දියේ සිට ලබුගම දක්වා කොටස කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුකෙරෙමින් පවතී.
දීර්ඝ කාලයක් පුරා මෙම මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ප්‍රදේශවාසී ජනතාවගෙන් ලැබුණු දැඩි ඉල්ලීම් හා මාර්ගයේ පවතින අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, මාර්ගයේ ඉතිරි කොටසද සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් සහ සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බව සඳහන් වේ. ජනතාවගේ දෛනික ගමනාගමනයට සෘජුවම බලපාන මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර, ජනතාවට වඩාත් පහසු සහ ආරක්ෂිත ගමනාගමන පහසුකම් ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ වී තිබේ.














