රුපියල් මිලියන 64 ක වියදමින් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සුදුවැලිපත – අතලේ මාර්ගයේ කාපට් අතුරා කිලෝමීටර් 2.5ක දුර සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කර තිබේ.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත්, පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් ජීවානන්ද සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.එස්. තිලකරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රජා කමිටු සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී ඇත.














