හොරණ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ සිදු වූ ගින්න සහ ඉන් අනතුරුව මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් කතාබහට ලක් වූ එහි අධ්‍යක්ෂ “ලොකු අයියා” ලෙස හැඳින්වෙන පුද්ගලයා මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල වන සාවද්‍ය තොරතුරු දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
මේ වන විට බන්ධනාගාරයෙන් නිදහස් වී නැවතත් වැඩිහිටි නිවාසයේ කටයුතු බලාගනිමින් සිටින ඔහු, තමා මියගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් මෙලෙස අදහස් දක්වා ඇත:
මම මගේ ජීවිතේ කුඩා කාලයේ සිටම ප්‍රශ්න සමඟ හැදුණු කෙනෙක්. මට මගේ අම්මා උගන්වලා තියෙන්නේ කිසිම ප්‍රශ්නයකට පස්සට යන්න එපා කියලා. මම බන්ධනාගාරගත වුණත් ඒ හැම වෙලාවෙම මතක් කළේ මගේ අම්මාව. ප්‍රශ්නයක් ආපු පලියට ජීවිතේ නැති කරගන්න තරම් දුර්වල හිතක් මට නැහැ. මගේ තාත්තාට දුන් පොරොන්දුව ඉටු කරමින්, ජීවිතේ අවසන් හුස්ම තෙක් අපේ නිවාසය පුළුවන් උපරිම තැනකට අරන් යනවා. මම මැරිලා නැහැ, හොඳින් ඉන්නවා. වැඩිහිටි නිවාසයේ වැඩ කටයුතු කරගෙන යනවා. විව්ස් (Views) ලබාගැනීම සඳහා බොරු දමන ෆේස්බුක් පිටුවලට මාව මරන්න පුළුවන් වුණාට මම හොඳින් ජීවත් වෙනවා.”
මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය හරහා කිසිදු සත්‍යතාවක් නොමැතිව පුද්ගලයන් මියගිය බවට අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.














