හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” නැමැති නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන ජුනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (ජූනි 04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. ඉකුත් ජුනි 03 වැනිදා රාත්‍රියේ මෙම නිවාසයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.
















