හොර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ඇමෙරිකාව සහ ඉරානය අතර හටගෙන ඇති නව මිලිටරි ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල සති අටකට පසු වාර්තා වූ ඉහළම සතිපතා වර්ධනය සනිටුහන් කර තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාවේ සිල්ලර පෙට්‍රල් මිල මේ සතියේදී පමණක් ගැලුමකට සෙන්ට් 6කින් ඉහළ ගොස් ඩොලර් 3.88ක් දක්වා වැඩි වී ඇති බව AAA දත්ත පෙන්වා දෙයි. මැදපෙරදිග අර්බුදයට අමතරව රුසියාවේ සහ ඇමෙරිකාවේ පිරිපහදුවල හටගත් බිඳවැටීම් සහ ඉහළ ඇමෙරිකානු ඉන්ධන අපනයනය හේතුවෙන් ගෝලීය සැපයුම සීමා වීම මීට ප්‍රධාන හේතුවයි. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල අතුරු මැතිවරණය (Midterm Elections) ඉලක්ක කර ගනිමින් සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මෙම ඉන්ධන මිල ඉහළ යාම දැඩි දේශපාලන බලපෑමක් එල්ල කර ඇති අතර, ඔහු තෙල් සමාගම් වෙත චෝදනා කරමින් මිල අඩු කරන ලෙස බලකර සිටියි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















