ලෝකයේ ප්‍රධානතම සමුද්‍රීය වෙළෙඳ මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන බවට ඉරානය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදය තරයේ ඉල්ලා සිටී. ඊට අමතරව කිසිදු බදු අය කිරීමකින් තොරව සියලුම නාවික මංතීරු විවෘතව තැබිය යුතු බවට ද වොෂින්ටනය කොන්දේසි පනවා ඇති බව ඇමෙරිකානු උසස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත. පසුගිය දිනවල දෙරට අතර පැවැති සාකච්ඡා සාර්ථක මට්ටමක පැවතිය ද, මේ සතියේදී නෞකා තුනකට ප්‍රහාර එල්ල වීමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ අතර, දෙරට අතර ජුනි මාසයේදී අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම අවසන් වී ඇති බව ද නිල වශයෙන් ප්‍රකාශ කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















