House of Fashions ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිටුපස දේශපාලන හස්තයක් පවතින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට සම්බන්ධ ව්‍යාපාර ඉලක්ක කරගනිමින් පලිගැනීම් සිදුවන බවත්, වත්මන් ආණ්ඩුවේ නායකයින්ට හිතවත් ව්‍යාපාරිකයන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය. වසර ගණනාවක් තිස්සේ සිදුවූ බව කියන රේගු වටිනාකම් අඩුකර පෙන්වීමේ සිද්ධියක් මුල්කරගෙන ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත්කිරීම තුළින් ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
















