27 April 2024
#දේශීය

කාදර්.. ශාන්ත වැඩ භාර ගත්තේ එකම පුටුවේ.. නිලධාරින් අන්දමන්ද වෙයි

පසුගිය 08 වනදා නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමත් සමඟ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වන්නි දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කිරීම් සිදු කලේය.

එම රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කලේය.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍යංශය මේ වන විට පිහිටා ඇත්තේ තැපැල් මුලස්ථානයේය. ඒ අනුව පසුගිය 10 වනදා රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කාදර් මස්තාන් එහි ගොස් සිය ධුරයේ වැඩ භාර ගැනීම් සිදු කලේය. මේ අතර ඊයේ (12) දින ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා එම පුටුවෙහි සිටම වැඩ භාර ගැනීම් සිදු කලේය.

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු එකම පුටුවේ සිට දින දෙකකදී වැඩ භාර ගැනීම් සිදු කිරීමෙන් නිලධාරින් පවා මේ වන විට දැඩි අපහසුතාවයකට පත් ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය තුල තමන්ට අයත් රාජ්‍ය අමාත්‍යවරයා කවුරුන්ද යන්නද අමාත්‍යංශය කුමක්ද යන්න අපහැදිලි මට්ටමේ තත්ත්වයකට පත් ව ඇති බව දැනගන්නට ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *