27 April 2024
#දේශීය

සුජිව ගත්ත සල්ලි අල්ලස් නොවන්නේ කොහොමද?

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා මෙන්ඩිස් සමාගමෙන් ලක්ෂ 30 ක මුදලක් ලබා ගැනීම අල්ලසක් නොවන්නේ කෙසේදැයි පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා විසින් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් මෙසේ මුදල් ලබා ගැනීම පැහැදිලිවම අල්ලසක් වන බවයි.

ඔවුන් ඉදිරිපත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ.

ආන්දෝලානාත්මක බැදුම්කර ගනුදෙනුවට අදාල සමාගමට අයත් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට අවස්ථා 3 න ක දී රැපියල් මිලියනයේ චෙක්පත් තුනක් මැතිවරණ ව්‍යාපාර කටයුතු සදහා ලබා දී ඇති බව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව එම චෙක්පත් ලබා දී ඇති දිනයන් ලෙස නීතිපති දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ 2015/08/24- 2015/10/12- 2016/03/31 යන දිනයන්ය.

ශී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව සදහා නාමයෝජනා භාරගනු ලබන අවසාන දිනය වන්නේ 2015/07/13 වන දින වන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 2015/08/17 දිනය. මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය ඇමතිවරයා මෙම චෙක්පත් තුනේම මුදල් ලබා ගන්නේ 2015 මහමැතිවරණය නිමාවූවාට පසුව බවය. අවසන් චෙක්පත ලබා ගත් 2016/03/31 වන විට සුජීව සේනසිංහ ජාත්‍යයන්තර වෙළද කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිවරයාය. ඔහු එම රාජ්‍ය ඇමතිධූරයේ දිවුරැම් දෙනු ලබන්නේ 2015/09/09 දිනය.

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා විසින් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් මෙසේ මුදල් ලබා ගැනීම පැහැදිලිවම අල්ලසක් වන බව අප සංවිධානයට පෙනී යන බැවින් අප සංවිධානය විසින් ඒ පිළිබදව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවවෙත පැමිණිලි කිරීමට කටයුතු සූදානම් කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *