හංගේරියානු අගමැති පීටර් මග්යාර් (Péter Magyar) පැය 15ක් ඇතුළත ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ විදේශ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් ජාත්‍යන්තර දේශපාලනය උණුසුම් කර තිබේ. කිසිදු රටකට තමන්ගේ භූමිය පාවා දෙන ලෙස නියෝග කිරීමට බාහිර බලවතුන්ට අයිතියක් නොමැති බව ඔහු අවධාරණය කළේය.
“කිසිම රටකට තමන්ගේ භූමිය අත්හරින්න කියලා අපිට අණ කරන්න බැහැ. යම් හෙයකින් ඔවුන් එසේ කළහොත්, ඔවුන් සැලකෙන්නේ ද්‍රෝහීන් (Traitors) ලෙසයි,” යනුවෙන් අගමැතිවරයා පවසා තිබේ. මැදපෙරදිග අර්බුදය සහ යුක්‍රේන – රුසියානු ගැටුම හමුවේ බලවත් රටවල් විසින් කුඩා රටවලට එල්ල කරන බලපෑම්වලට එරෙහිව හංගේරියාව පෙනී සිටින බව මෙයින් පැහැදිලි වේ.
ලෝක බලවතුන් හමුවේ නොබියව තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පීටර් මග්යාර් වෙත සමාජ මාධ්‍ය සහ දේශපාලන විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයක් යොමුව ඇත. ට්‍රම්ප්ගේ “America First” ප්‍රතිපත්තිය සහ නෙතන්යාහුගේ යුදමය ක්‍රියාමාර්ග හමුවේ හංගේරියාව මෙලෙස ස්වාධීන ස්ථාවරයක් ගැනීම යුරෝපා දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස සැලකේ.
තොරතුරු උපුටා ගැනීම: CNN ඇසුරින්














