• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

HUTCH සහ Nations Trust බැංකුව සමඟ සන්ධානගත වෙයි

17 April 2024
in පුවත්, ව්‍යාපාර
HUTCH සහ Nations Trust බැංකුව සමඟ සන්ධානගත වෙයි

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන HUTCH සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි.

HUTCH අලෙවි නියෝජිත ජාලය සවිබල ගැන්වීම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් සැපයීම මෙහි අරමුණ වන අතර, මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් අංශයේ සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත.

පාරිභෝගිකයන් අතර පවතින ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි විකිණුම් කටයුතු පුළුල් කිරීම සඳහා HUTCH නියෝජිතයන් වෙත මේ ආකාරයට මූල්‍ය පහසුකම් පිරිනැමීමට පියවර ගෙන තිබේ. මෙමගින් ඔවුන්ට කාර්යක්ෂම ලෙස තම මුදල් ප්‍රවාහය කළමනාකරණය කරගනිමින් වඩාත් විධිමත් ලෙස විකිණුම් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

“නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය තවත් එක් එකඟතාවක් පමණක් නොවේ. එය HUTCH මෙහෙයුම්වල අතිශය වැදගත් කණ්ඩායමක් වන අලෙවි නියෝජිත ජාලයේ යහපත උදෙසා ගත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” HUTCH ප්‍රධාන මූල්‍ය නිලධාරී ලලිත් ප්‍රනාන්දු මහතා පැවසී ය.

“මෙය HUTCH සමාගමටත් එහි අලෙවි නියෝජිතයන්ටත් බෙහෙවින් වාසිදායක පියවරක් වේවි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පිරිනමන මූල්‍ය සේවාවන්, HUTCH අලෙවි නියෝජිත ජාලය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේ වෙළඳපොළ සැලකිය යුතු මට්ටමකට වර්ධනය කිරීමට උපකාරී වනු ඇතැයි කියා මා සිතනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විධායක උප සභාපති (ආයතනික බැංකුකරණ) සෙනාල් සෙනෙවිරත්න මහතා පැවසී ය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට භෞතික සහ ඩිජිටල් නාලිකා ඔස්සේ පාරිභෝගික, වාණිජ සහ ආයතනික යන කාණ්ඩ සඳහා පුළුල් පරාසයක පැතිරුණු බැංකු සේවාවන් පිරිනමයි. විශේෂයෙන්ම නවීනතම ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පුරෝගාමී පියවර රැසක් ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන FriMi ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

HUTCH Sri Lanka යනු Fortune Global 500 සමාගමක් වන CK Hutchison Holdings Limited හි සාමාජික සමාගමකි. CK Hutchison Holdings හි දුරකථන සන්නිවේදන අංශය මේ වනවිට යුරෝපය, ආසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාපවල රටවල් 11 ක ක්‍රියාත්මක වන අතර, එහි ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 175 කට අධික ය. තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ දියුණුව වෙනුවෙන් කැපවෙමින් එම සමාගම මේ වනවිට රටවල් 7 ක 5G සේවාවන් ආරම්භ කර තිබේ.

PR

Post Views: 8,487
Previous Post

විජයදාස නිදහස් පක්ෂයෙන් ජනාධීපතිවරණයට !

Next Post

ජනතාව ඉල්ලු සිස්ටම් චේන්ජ් එක අපි කරලා තියෙන්නේ ඇමැති මනුෂ කියයි

editor ttvnews

editor ttvnews

Next Post
කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් – ඇමති මනූෂ

ජනතාව ඉල්ලු සිස්ටම් චේන්ජ් එක අපි කරලා තියෙන්නේ ඇමැති මනුෂ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved