27 April 2024
#දේශීය

රටේ සම්පත් විදේශයන්ට විකුණන් අවශ්‍යතාවයක් අපට නෑ – මන්ත්‍රි උදයන

මේ රටේ සම්පත් විදේශයන්ට විකුණන් අවශ්‍යතාවයක් අපට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා පවසයි.

ඒ මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ වර්තමාන රජය පාලනය භාරගෙන කටයුතු කරගෙන යාමේදී විවිධාකාර සුපුරුදු බලපෑම් රජයට පැමිණෙන්න පටන් ගෙන බවයි.

එහිදී මන්ත්‍රි නීතිඥ උදයන කිරිඳිගොඩ මෙසේ අදහස් පල කලේය “අද තර්ජන හා වර්ජන රාශියක් නමුත් මේ තර්ජනවල සහ වර්ජනවල අරමුණ තමයි මර්ධනය බලාපොරොත්තු වීම. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ අවසානයේ ඉලක්කයට යන්න ඔවුන්ට හැ කියාව ලැබි නැහැ. හැබැයි මේ වර්ජනවලට බය රජයක් විදිහට නොවේ අපි කටයුතු කරන්නේ. ඒ සඳහා යන්න ඕන මාර්ගය , යන්න ඕන ක්‍රියාපටිපාටිය ඒ ආකාරයෙන්ම අනුගමනය කරනවා. ඒ වගේම අපි ‍ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විදිහට හැමවිටම ජාතික සම්පත් ආරක්ෂා කරන්න කටයුතු කල පක්ෂයක්. මම හිතන්නේ නෑ මේ රටේ සම්පත් විදේශයන්ට විකුණන් අවශ්‍යතාවයක් අපිට තියෙනවා කියලා. මේ මාසයේ 21 වෙනිදා වසා තැබු පාසැල් විවෘත කිරීමේ අභියෝගය තිබෙනවා. ලක්ෂ 43 ක දරුවන්ගේ අනාගතය සාක්ෂාත් කරන්න සිටින ආදරණිය ගුරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා අපි වහාම මේ උද්ඝෝෂණයෙන් විතැන් වෙලා 21 වෙනිදා දරුවන්ගේ මානසික සහනය ලබාදෙන්න පාසැල්වලට පැමිණෙන්න කියලා. වෘත්තිය සමිති අවශ්‍යතාවයන් ඒ සියල්ල සාධරණියකරණව විසඳිම සඳහා අභියෝගාත්මක අයවැයක් නොවැම්බර් මාසයේ 12 වෙනිදා ඉදිරිපත්වෙමින් ඔබේ බලාපොරොත්තු ඉටුවෙයි යැයි මන්ත්‍රි නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *