27 April 2024
#දේශීය

මං මෝඩයෙක් නෙමෙයි .. විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නෑ – අධිකරණ ඇමැති

තම අධිකරණ අමාත්‍ය ධුරයේ සිටින තෙක් කිසිසේත්ම විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එම පනත වෙනස් කිරීමක් සිදු කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවයි.

බෞද්ධ නිති වසර ගණනාවක් තිස්සේ සිදුවන දේ මේ වෙනස් කරන්නවත් අවශ්‍ය නොමැති බව හෙතෙම පැවසිය.

නමුත් කුඩා දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් තමා විරුද්ධ බවත් එය වෙනස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ රටේ සිංහල බෞද්ධයින්ට විරුද්ධව නීති ගෙන්න තමාට හැකියාවක් නොමැති බවත් එවැනි දේ කිරීමට තමා මෝඩයෙක් නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියෙය්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *