27 April 2024
#දේශීය

මිලිටරි ගෝඨාභය වෙන්න මට පුළුවන්… හැබැයි එහෙම අවශ්‍ය නෑ – ජනපතිගෙන් සැර කතාවක්

මිලිටරි ක්‍රමයේ ගෝඨාභය කෙනෙක් වෙන්න තමාට හැකි නමුත් එසේ කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වැඩ නිමකළ මාර්ග 1,500ක් එකම දිනයකදී විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද (06) එක්වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට කොරෝනා වසංගතය තත්ත්වය මත වාර 10කට වඩා වහන්න වු බවයි. මේ තත්ත්වය ගැන අවබෝධයක් ඇති වෙන්න ඉඩ නොදි විපක්ෂය කෑ ගහනවා රට වහන්නැයැයි ද වැහුවාහම රට අරින්න කියා කැගහන බවයි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කලේය “සමහරු කියනවා අපි බලාපොරොත්තු වුණේ මිලිටරි ක්‍රමයේ ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ.., මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපන් කියලා කියන්න. හැබැයි මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒකද බලාපොරොත්තු වෙන්නේ. නෑ. සමහරු කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වුණේ හමුදාවේ වගේ එක්කෙනෙක් කියලා. පුළුවන් මට ඕනේ නම් එහෙම කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. බොරු චෝදනා නිසා අදත් අපි රටක් හැටියට ජිනීවා යනවා. මානව හිමිකම්වලට. මට එහෙම කරන්න ඕනේ නෑ. අපේ රටට.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *