• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුනිල්ගේ ඝාතනය හෙළා දකිනවා – ඇමැති මහින්ද කියයි

12 June 2020
in දේශීය

නීති විරෝධි ලෙස පවත්වාගෙන වාහන කල්බදු සමාගමක තැරැව්කරුවන් පිරිසක් විසින් ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඝාතනය කිරීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සුනිල් ජයවර්ධන අවස්ථා කිහිපයක දී ත්‍රිරෝද රථ රියදුරන් හා එම කර්මාන්තය ස්වයං රැකියාවක් වශයෙන් වැදගත් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡා වල දී කරුණු ඉදිරිපත් කළේය.

එහෙත් ඇතැම් ආයතන රජයේ තිරණ නොසළකා කටයුතු කරන ආකාරය සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයෙන් හෙලිදරව් වේ. ලීසිං ණයවාරික සම්බන්ධව තමන්ගේ ස්වාධින අදහස් ප්‍රකාශ කිරීම මිනිසෙක් මරා දැමීමට තරම් වැදගත් වන කාරණයක්දැයි සිතා බැලිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.

කෙසේ වුවද, ත්‍රිරෝද ප්‍රවාහණ කර්මාන්තය නියාමණය කිරීම කිසිදු අමාත්‍යාංශයකට බාර වී නැතත්, එම කර්මාන්තයේ ගැටලු සම්බන්ධව ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මැදිහත් වී කටයුතු කරන ලදී.

එමනිසා සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කළා සේ තවත් ඝාතන සිදුනොවීමට වග බලා ගත යුතුය. ඇතැම් ලිසිං සමාගම්වල සිටින සීසර්කරුවන් රටේ නමගිය අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ද යන්නත්, කෙසේ වෙතත් පාතාල චන්ඩින් පවා මේ සදහා යොදවා ගෙන ඇති බවටත් ඇතැම් පාර්ශ්ව මගින් කරන ප්‍රකාශවලින් පැහැදිළිය.

එමනිසා මේ සම්බන්ධව සුදුසු පියවර ගැනීමට ඉදිරි කාලය තුල රජය විසින් අවශ්‍ය සියලු පියවර ගැනිමට කටයතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මිනිස් ජීවිතවලට වඩා මුදල් වැදගත් ලෙස සළකන මෙම ආර්ථික ක්‍රමය 1977න් පසු මේ රටට හදුන්වා දුන් පාදඩ විවෘත ආර්ථික ක්‍රමයත් සමග අපට උරුම වූ කරුමයකි. එම කරුමය අද විවිධ පැතිවලින් රටේ ජනතාවට විඳීමට සිදු වි තිබේ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්නට දගලන අශික්ෂිත මිනිසුන් පිරිසක් විසින් සිදු කළ මෙම සාහසික අපරාධය ප්‍රවාහන අංශය බාර අමාත්‍යවරයා ලෙස මෙන්ම රජය වශයෙන් ද දැඩි පිලිකුළෙන් යුතුව හෙළා දකින බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

 

 

 

Post Views: 10
Previous Post

මහබැංකුව තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම බැහැර හැර ඇති බව ජනපති පවසයි

Next Post

වැසිකිලිවලට වැටී පුද්ගලයෙකු මිය යයි

editor

editor

Next Post

වැසිකිලිවලට වැටී පුද්ගලයෙකු මිය යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved