• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම බෙදන්නේ මගේ නෑදැ හිතවතුන්ට නෙවෙයි. රටේ ජනතාවට විතරයි – විපක්ෂ නායක සජිත්

3 November 2023
in දේශීය

වැට් බදු වැඩි කර අතේ තියෙන තුට්ටු දෙකට පවා අහිමි කර ඇති මොහොතක ව්‍යාජ සංඛ්‍යාලේඛන සහ දත්ත ඉදිරිපත් කර තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මේ ආකාරයෙන් ආර්ථිකය කුඩා කිරීමෙන් රටක් දියුණු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ විල්ගමුව උඩුවෙල ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානයේ අවාසගේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එබැවින් වැඩ කරන යුගයක්, නිෂ්පාදන හා අපනයන යුගයක් නිර්මාණය කරන්න අලසකමින් කම්මැලිකමින් තොරව සියලු දෙනාම සූදානම් විය යුතු බවත් ලෝකයේ අංක 1 වීමට නම් කයිවාරු ගැසීමෙන් තොරව වැඩ කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ සදාකාලික සහනාධාර නැති මුත් නැගී සිටීමට අවැසි සියලු ශක්තීන් ලබා දෙන බවයි.

එසේම සමගි ජන බලවේගය විසින් හුස්ම, සක්වල වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට බෙදන සංස්කෘතියක් ඇති කර ඇති බවට චෝදනා කරන බවත් සමගි ජන බලවේගය බෙදන බෙහෙත්, පරිගණක සහ බස් ආදිය අධි පොහොසතුන්ට සුපිරි කෝටිපතියන්ට වැදගත් නොවූවත් එය 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට වැදගත් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

හොරකමින්, වංචාවෙන් තම පවුල්වල සාමාජිකයන්ට හිතමිතුරන්ට රටේ සම්පත් බෙදා දීමට වඩා අහිංසක අසරන ජනතාව වෙනුවෙන් යමක් ලබා දීම වටිනා බවත් එසේම මේ බෙදිල්ල සදාකාලික බෙදිල්ලක් නොවන බවත් මේ තුළින් දියුණු වීමට ජනතාව කටයුතු කළ යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.

රටට වැඩ කරන්න ඕන නම් ජනාධිපති, අගමැති, ඇමතිකම් අවශ්‍ය නොවන බවත් 75 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ රජයේ අරමුදල් භාවිත නොකර වෙනත් දානපති උපකාර ලබා ගෙන රට ගොඩනගන්න වැඩසටහන් ක්‍රියාත්මක කළ එකම විපක්ෂය සමගි ජන බලවේගය බවත් සමහර විපක්ෂයේ පක්ෂවල සුඛෝපභෝගී ඇඳුම් ආයිත්නම් අඳිමින් අය රට සවාරි ගිහින් බලය ඉල්ලා සිටියත් ඔවුන් විපක්ෂයේ සිට ජනතාවට කිසිදු සේවාවක් ඉටු කර නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ බදු ගෙවන්නන්ගේ මුදල් එකතු කර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු කිරීම සැබෑ සංවර්ධනය නොවන බවත් සැබෑ සංවර්ධනය යනු බදු මුදල්වලින් තොරව වෙනත් ක්‍රම හරහා රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

2019 වගේ නැවතත් ඇන්දෙන්න එපා බොරු සෝබන, කතා, කයිවාරු කියන නැවතත් 2019 මෙන් අන්දවන සහ ඇන්දවෙන, ඩොලර් හිගයට රුපියල් හිගයට කිසිදු විසදුමක් නැති බලවේගවලට නැවත බලය ලබා දී රට විනාශ මුඛය කරා ගෙන නොයන ලෙසත් ඩොලර් හිඟය සහ රුපියල් හිඟය යන මූල්‍ය ගැටලු දෙකට විසදුම් දිය හැකි සැබැ කණ්ඩායම කුමක්ක කියා බුද්ධිමත්ව තීරණය කරනා ලෙසත් බොරුවට කයිවාරුවට සෝබනයට සංදර්ශනයට නැවත නැවතත් රැවටෙනවා වෙනුවට ගම හදා රට හදන දුප්පත්කම තුරන් කර වහල්භාවයෙන් තොර අභිමානවත් ජන ජිවිතයක් කරා යනවාද යන තීන්දුව ජනතාව විසින් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

Post Views: 4
Previous Post

ආර්ථිකය ගොඩනැඟීම සඳහා වූ පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය 

Next Post

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම කොත්මලේ – ජනපති

editor

editor

Next Post

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම කොත්මලේ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved