පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වේවි යැයි සිතිය නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා අද (05) දිවයිනට පැමිණ මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ තමා මැතිවරණ සංවිධාන කටයුතු කිරීම සඳහා පැමිණි බවයි.
මේ වන විට ජනාධිපති මැතිවරණයක් පැවැත්විය යුතු නමුත් පවත්වන මැතිවරණයේ සංවිධාන කටයුතු කරමින් ජයගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව හෙතෙම පැවසිය.