• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති සටනට මාත් එනවා – ඩලස්

15 July 2022
in දේශීය

එළඹෙන සතියේදී නව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙරට ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව තමා තරයේ විශ්වාස කරන බවයි.

දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරතවී ඇති තමා සෑමවිටම මෙරට ජනතාවගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසක් බව හෙතෙම පැවසිය.

දේශපාලන පාට කණ්ණාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සුදානම් බවත් මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහාය ද අපේක්ෂා කරන බව ඩලස් අලහප්පේරුම මහතාගේ නිවේදනයේ සඳහන්ව ඇත.

නීතියේ ආධිපත්‍යය හා ජාතීන් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින බව ඒ මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Post Views: 18
Previous Post

අතිගරු… ජනපති කොඩියත් අහෝසියි – වැඩබලන ජනපති

Next Post

ඉන්ධන ලබා ගැනීම සඳහා රජය විසින් බලපත‍්‍ර ක්‍රමයක්

editor

editor

Next Post

ඉන්ධන ලබා ගැනීම සඳහා රජය විසින් බලපත‍්‍ර ක්‍රමයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved