27 April 2024
#දේශීය

මා දැල් කර් මාන්තයට යොදා ගන්නා වින්චි ක්‍රමය නතර කල යුතුයි – ධීවර ඇමැති ඩග්ලස්

මාදැල් කර්මාන්තයේදි භාවිතා කරන වින්චි ක්‍රමය හේතුවෙන් වෙරළ ආශ්‍රිත පරිසරයට දැඩි බලපෑම් එල්ලවෙන බව ඒම භාවිතය නතර කල යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මන්නාරම ප්‍රදේශයේ පැවති ධීවර කටයුතු පිළිබදව සොයා බැලීමේ අවස්ථාවට එක්වෙමිනි.

රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම වහාම නතර කල යුතු බව හෙතෙම කියා සිටියේය.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ මන්නාරම ප්‍රදේශයේ මුහුදු සැතපුම් 16කට එපිට සීමාවේ සුරුක්කු දැල් භාවිතා කිරීමට ධීවරයන්ට අවසර ලබා දී ඇති බවත්, එම නීති උල්ලංගණය කිරීම දිගින් දිගටම සිදු වන අතර ඒ සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට යන නිලධාරීන්ගේ රාජකාරියට ධීවරයන් බලපෑම් සිදු කරන බවත්, එය වහා නතර කිරීමට ධීවරයන් වග බලා ගත යුතු බවත් පැවසීය. තවද මාදැල් කර්මාන්තයේදි භාවිතා කරන වින්චි ක්‍රමය හේතුවෙන් වෙරළ ආශ්‍රිත පරිසරයට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බැවින් වින්චි භාවිතය නතර කල යුතුව ඇත. විශේෂයෙන් මෙම නීති විරෝධි ක්‍රියා මැඩලීමට ආරක්ෂක අංශ යොදාගත හැකි වුව ද එසේ නොකර ධීවරයන් මේ පිළිබදව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අමාත්‍යරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හා ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *