• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති රනිල් අරගලකරුවන්ටම පහරදීම තරයේ හෙළා දකිමි! පාඨලි චම්පික

22 July 2022
in දේශීය

අරගලකරුවන් විසින් රාජපක්ෂ තුන් කට්ටුව බලෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කළ නිසාවෙන් තනි මන්ත්‍රී කෙනෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට හැකිවූ බවත් එම අරගලකරුවන්ටම මේ ආකාරයට මිලේච්ඡ හමුදා හා පොලිස් ප්‍රහාරය එල්ල කිරීම තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ පවසා සිටියේය ” මෙහි වගකීම අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා එක දවසින් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට, ලිබරල් නායකයෙක් හැටියට අවුරුදු හතළිස් පහක ඉතිහාසයේ තිබුණු පිළිගැනීම එක දවසෙන් නැති කරගෙන, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් සියලුදෙනාම තරහ කරගෙන, ඉමහත් අපකීර්තියට පත්වීමක් තමයි මේ සිද්ධ වුණේ. මේ සිදුවීම සහ මැයි හයවෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙනාපු රාජපක්ෂ පවුලේ ඒ මැරවරයින් එල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැහැ. ඒ දෙකම එක ම සිදුවීමක්.

ඇත්තටම මේ මොහොතේ ඇයි මේ අරගලය මතුවුනේ? රනිල් වික්‍රමසිංහ මහතා මතක තබා ගත යුතුයි ඔහු පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජනාධිපති ධූරය දක්වා එතුමා පැමිණියේ. මේ අරගලකරුවන් විසින් රාජපක්ෂ පවුල බලයෙන් පහ කිරීම නිසයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ තුන් කට්ටුව බලෙන් පහ කරලා දාලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කරපු නිසයි.

අරගලකරුවන් අතර පොඩි පොඩි ප්‍රශ්න, ප්‍රචණ්ඩත්වයේ ලක්ෂණ තියෙන්න ඇති. නමුත් මේ මාස හයක පමණ කාලයක් ලංකාවේ මිනිස්සු පෙලෙන ප්‍රශ්න, කිරිපිටි නැතුව අඬන දරුවෝ එක්ක දුක් වේදනා විඳින අම්මාවරු ඉස්පිරිතාලෙට ගියහම, ඒ වගේම බෙහෙත් ශාලාවට ගියහම, බෙහෙත් නැතුව දුක් විඳින මිනිස්සු, පෙට්‍රල් ටික නැතුව, ඩීසල් ටික නැතුව, භූමිතෙල් ටික නැතුව, දුක් විඳින, මේ රටේ සාමාන්‍ය ජනතාව ආදායම් අහිමි වෙච්ච ගොවියෝ, ධීවරයෝ ඇතුළු මේ රටේ දුක් විඳින ජනතාව මේ සෑම කෙනෙක්ගෙම වේදනාව, වෛරය අද උඩු දුවලා තියෙන අවස්ථාවක සහ ඔවුන්ට තමන්ගේ අනුකම්පාව, සහකම්පනය අනිවාර්යෙන්ම පෙන්විය යුතු මොහොතක මේ පෙන්නලා තියෙන දුෂ්ටත්වය, මේ පෙන්නලා තියෙන අසීලාචාරත්වය ඉතාමත්ම පිළිකුල් සහගතයි.

ඒ වගේම මේ රට පක්ෂ අතර එකමුතුවක් ඇති කරගෙන, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන, ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් පුළුල් කරගෙන, ලෝකයේ ආධාර දෙන ආයතන වලට අත දිගු කරන්න ගිය ඒ සෑම දෙයක්ම මේ වනවිට කෝපයෙන්, ඒ වගේම අපකීර්තිමත් ආකාරයට තරහ කර ගැනීමක් බවට පත්වෙලා. මේය කිසිසේත්ම රටට උචිත තත්වයක් නෙවෙයි.

ඒ වගේම මේ සාමකාමී අරගලකරුවන් ඇත්තටම ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ගේ හිටපු ඇතැම් කොටස් මොන පුරාජේරු කතා කිව්වත් බහුතර ජනතාව ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ව සාමකාමී සාකච්ඡා මාර්ගයකින් ඉවත් කර ගැනීමට ඕනෑවටත් වඩා ඉඩ තිබුණා. එහෙම තිබියදී ඔවුන්ට එලව, පහර දෙන්න ආරක්ෂක අංශ යොමු කිරීම මගින් තුවක්කු බලය පාවිච්චි කිරීම මගින් පෙන්නලා තියෙන්නේ අවසානයේ මහජනයාව මේ ආකාරයටම මේ අන්තවාදී කල්ලිවලට තටු දෙන්නද? ආයුධ සන්නද්ධ විප්ලවයක් ගැන සිහින දකින බලවේග වලට, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට තටු දෙන්නද කියන එක අපි මතක තබාගත යුතුයි. මේ රටේ මෙවැනිම ආකාරයේ මර්ධනයන් දියත් කරපු අවස්ථාවල, උතුරෙත්, ඒ වගේම දකුණෙත් මේ හැම තැනකම අපි දැකපු දේ තමයි, ආයුධ අතට අරගත්ත ප්‍රතිවිරෝධතාකරුවන් ඇවිල්ලා තිබිච්ච තත්වෙ තවත් නරක් කරගෙන තවත් බිහිසුණු අගාධයකට ගමන් කරලා දහස් ගණන් ඝාතනය වෙලා ඒ වගේම දස දහස් ගණන් විදේශගත වෙලා ඒ වගේම මුළුමනින්ම පරම්පරා ගානක ජීවිත අඳුරේ තැබීම. ඒ නිසා අද අඳුරු දිනයක් ඒ අඳුරු දිනයේ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කිරීමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියලුම දෙනාට කොන්දේසි විරහිතව එකට එකතු වෙන්නෙයි කියලා අපි ඉල්ලා හිටිනවා.

ඒ වගේම රාජපක්ෂ තමන්ට කරගන්න බැරි වෙච්ච මේ දුෂ්ට මර්ධනය තමන් විසින් බලයට කැඳවා ගත්ත ජනාධිපතිවරයා ලවා කර ගැනීම ගැන අපි කම්පා වෙනවා. ඒ වගේම අධිෂ්ඨානය තවදුරටත් ධෛර්යමත් වෙනවා. අද ඇත්තටම කළ යුත්තේ කුමක්ද? මේ අරගලකරුවන්ට හමුදාව යොදා පහර දීම හෝ නඩු පැවරීම නෙවෙයි. මේ රට බංකොලොත් භාවයට පත් කරන ලද ඒ පාලක දේශපාලන පවුල, ඒ වගේම ඔවුන්ට සහය දීපු මහා භාණ්ඩාගාරයේ ඒ හිටපු ලේකම්වරු, ඒ වගේම මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුළු පිරිස මේ පිරිස අධිකරණය ඉදිරියට ගෙන ඒමයි. මේ යුක්තියෙන් ඉටුකරලීමට මේ පිරිසට නඩු පැවරීමයි සිදුකළ යුතුව තිබුණේ. විශේෂයෙන්ම අරමුල්‍ය පනත යටතේ මොනිටරි ලෝ ඇප් එක යටතේ වහාම මුදල් අමාත්‍යංශයේ, ඒ වගේම මුදල් මණ්ඩලයේ, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස් වලටයි නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබුණේ. ඒ වගේම, අර පිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක, ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාමයි ගෙනාවේ. ඒ අනුව ණය කළමනාකරණය නොකිරීමේ වරදට භාණ්ඩාගාර ලේකම්වරු, මුදල් අමාත්‍යංශ ලේකම්වරු හා නිලධාරීන් අධිකරණය ඉදිරියට යුක්තිය ඉදිරියට පැමිණවීමයි කළ යුතුව තිබුණේ.

රටට වැඩි මිලට ගත්ත බැඳුම්කර මේ ජූලි විසිපස් වැනිදා මහින්ද රාජපක්ෂ ගත්ත මිලියන දාහක ඩොලර් බිලියනයක බැඳුම්කරය එනවා. ඒ බැඳුම්කරවලින් කොල්ලකාපු බිලියන හතකට අධික මුදල විදේශවල සඟවා තිබෙනවා. රට ඇතුලේ සඟවා තිබෙනවා. ඒ පව්කාර සල්ලි අරගෙන මේ රටේ ජනතාව සුඛිත මුදිත කිරීමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ වෙනුවෙන් හඬ නැගූ පිරිස් වලට, මේ ආකාරයට සැලකීම මගින් බිය වද්දන්න ඉන්නවා නම් ඒක ලොකු වැරදීමක් කියන එක විතරක් අපි මේ අවස්ථාවේ අවධාරණය කරනවා. නැවතත් අපි අවධාරණය කරනවා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට, සියලුම වෘත්තීයවේදීන්ට, සියලුම ආගමික නායකයින්ට අත්වැල් බැඳගන්න කියලා මේ රටේ ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙන යාමට.” යැයි පාඨලි චම්පික මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 9
Previous Post

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

Next Post

මහජන මුදලින් නඩත්තු කරන වත්කම්වලට වගකියන්න – ආරක්‍ෂක ලේකම්

editor

editor

Next Post

මහජන මුදලින් නඩත්තු කරන වත්කම්වලට වගකියන්න – ආරක්‍ෂක ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved