• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිතුවේ හොරු ගැන අහවි කියලා, ඒත් ඇහුවේ පාස්කු ප්‍රහාරය ගැන – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි

1 May 2024
in දේශීය, පුවත්

රත්නපුර ප්‍රදේශයේ පසුගිය මාර්තු මස 30 වනදා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත අද (30) පෙරවරුවේ කැඳවා තිබිණ.

එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ රටේ බදු නොගෙවපු හොරු, බදු හොරු, ඒ වගේම බැංකු වලට පොලු තියපු හොරු, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන තමයි මේ හොයන්න යන්නේ කියා තමා සිතු නමුත් ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණද? ආදී වශයෙන් ඔය පරණ ප්‍රශ්න වැලම තමයි ඇසු බවයි.

ඒ සම්බන්ධයෙන් මන්ත්‍රි පාඨලි චම්පික මහතා මෙසේ අදහස් පල කලේය “මාර්තු 30 වෙනිදා මම රත්නපුරේ දී කරපු ප්‍රකාශයක් ගැන තමයි මේ පරිගණක අපරාධ අංශය එන්න කියලා තිබුණේ. මම හිතුවා අර රටේ බදු නොගෙවපු හොරු, බදු හොරු, ඒ වගේම බැංකු වලට පොලු තියපු හොරු, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන තමයි මේ හොයන්න යන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණද? ආදී වශයෙන් ඔය පරණ ප්‍රශ්න වැලම තමයි ඇහුවේ. ඉතින් මම මේ පිළිබඳ සවිස්තරාත්මක සාක්කියක්, කිසිම දෙයක් හංගලා නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභා ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ක්‍රියා කලාද, නැද්ද, මගේ සාක්ෂි සැලකිල්ලට ගත්තද, නැද්ද? කියලා මම දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මම අවස්ථා පහක මේ පිළිබඳව මගේ අදහස් දක්වලා තියෙනවා. ඉතින් ජනාධිපති කොමිෂන් සභාව, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, දැන් ඉන්න පොලිස්පතිතුමා ඇතුළු දැනට ලංකාවේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු, කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ නඩු පවරන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න කියලා. ඒ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව අපිව කැඳව, කැඳවා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මං හිතනවා ඊළඟ ආණ්ඩුවක මේ ආණ්ඩුවෙන් මේක වෙන්නෑ. ඊළඟ ආණ්ඩුවක වැදගත්ම දේ තමයි මේ අපරාධය පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්න විසඳලා මේ සැක දුරු කරලා මියගිය 270 දෙනාටත් තුවාල ලැබූ 470කට අධික පිරිසටත් යුක්තිය ඉෂ්ඨ කරනවා. ඒ වගේම මේ දැනට මේ රටේ ක්‍රියාත්මක වෙනවා දේශපාලන පාතාලයක්. ඒ දේශපාලන පාතාලයට ඕන විදිහට දේශපාලන පළිගැනීම් සඳහා මේ පොලිසියත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, මේ පරීක්ෂණ අංශත් ගැනීම ගැන අපි තරයේ හෙළා දකිනවා. අනාගතයේ අනිවාර්යෙන්ම පොලීසියත්, අපරාධ පරීක්ෂණ අංශත්, ඒ වගේම බුද්ධි අංශත් ස්වාධීන කළ යුතුයි. එහෙම නැත්නම් මේ දේශපාලන පාතාලයට අවශ්‍ය විදිහට මේවා හැසිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.” යැයි මන්ත්‍රි පාඨලි චම්පික මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 9,699
Previous Post

ජනපති මැයි දින රැළි දෙකකට එක් වෙයි… පොහොට්ටුවේ රැලියට ආරාධනා නෑ

Next Post

විදේශ රටකදී හම්බ කල මුදල් මෙරටට තැන්පත් කිරීම අනාරක්ෂිතයි – උදයංග වීරතුංග

editor ttvnews

editor ttvnews

Next Post
විදේශ රටකදී හම්බ කල මුදල් මෙරටට තැන්පත් කිරීම අනාරක්ෂිතයි – උදයංග වීරතුංග

විදේශ රටකදී හම්බ කල මුදල් මෙරටට තැන්පත් කිරීම අනාරක්ෂිතයි - උදයංග වීරතුංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved