• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම ගත්තේ බලපෑම් වලක්වන්න

26 July 2018
in ක්‍රීඩා

තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පරිසර විෂය ද තමා යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය වසර 50ක කාලය තුළ මේ රටේ සිදුවූ දැවැන්ත පරිසර විනාශයේ ප‍්‍රධාන වගකීම ගෙන තිබෙන්නේ ඇතැම් දේශපාලඥයින් වන අතර, දේශපාලන බලය පදනම් කර ගනිමින් සිදුවූ එම ව්‍යසනය ජාතියේ අවාසනාවක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප‍්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (26) පෙරවරුවේ එක්වෙමිනි.

අද මෙරට වන ඝනත්වය සියයට 29 ක් පමණ අඩු මට්ටමක පවතින අතර, එම ප‍්‍රමාණයෙන් ද සියයට 1.4 ක ප‍්‍රමාණයක් වාර්ෂිකව විනාශවන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා නිසි වැඩපිළිවෙළක් සහ ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ඔස්සේ මෙම අයහපත් තත්ත්වය වැළැක්වීමට කඩිනමින් සියලුදෙනා එක්විය යුතු බව ද අවධාරණය කළේය.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමට ද තමන් කටයුතු කළ බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අද ති‍්‍රවිධ හමුදාවෙන් ලැබෙන සහය ද ඇගයීමට ලක් කළේය.

පුරාවිද්‍යාත්මක හා ඉහළ ජෛව විවිධත්ව වටිනාකමකින් යුතු රෝස තිරුවාණා කදුවැටිය සහිත නා උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාදීමට එහි භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් පියවර ගෙන තිබේ. වසර 25 ක් පුරා නාමල් උයන ආරක්ෂා කරමින් එය මේ දක්වා රැකබලාගත් පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ මෙහෙවර මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි ප‍්‍රසාදයට ලක්විය.

ජපන් ජාතිකයෙකුගේ ආධාර මත නාමල් උයන පරිශ‍්‍රයේ ඉදිකෙරුණු ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය ද විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාදීමත් සමග එහි ප‍්‍රවර්ධන කටයුතු රාශියක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, වසරකට ලක්ෂ හයක් පමණ සංචාරකයින් පැමිණෙන සීගිරිය ආසන්නයෙ ඇති මෙම ජාතික නාමල් උයන කෙරෙහි පවතින සංචාරක ආකර්ශනය තවදුරටත් වර්ධනය කිරීමට වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මකය.

නාමල් උයන නැරඹීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කරන ප‍්‍රවේශ පත‍්‍රයේ පළමු ප‍්‍රවේශ පත‍්‍රය ද මෙහිදී එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පි‍්‍රෂාන්ත ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

ථේරවාදී භික්ෂු කතිකාවත් කෙටුම්පතට බය වෙන්න දෙයක් නෑ

Next Post

වර්ජනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණ

editor

editor

Next Post

වර්ජනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved