2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එහි සමාරම්භක දිනය ලෙස ඔක්තෝබර් 02 වනදා යෝජනා වී තිබීම පිළිබඳව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මහත්මා ගාන්ධිතුමාගේ උපන්දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 02 වනදා වන අතර, ඉන්දියාව සත්කාරකත්වය නොදැක්වුවද මෙම දිනය තෝරා ගැනීමට විශේෂ ඓතිහාසික හේතුවක් පවතින බව වාර්තා වේ. මහත්මා ගාන්ධිතුමාගේ මානව හිමිකම් සහ සත්‍යග්‍රහ පිළිබඳ දර්ශනය හා ව්‍යාපාරය හැඩගැසුණේ උතුරු අප්‍රිකාවේ සහ දකුණු අප්‍රිකාවේ ඔහු ගතකළ වසර 21 ක කාලය තුළ බැවින්, දකුණු අප්‍රිකාව සහ මහත්මා ගාන්ධිතුමා අතර ඉතා සමීප ඓතිහාසික හා සංස්කෘතික සබඳතාවක් පවතී. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම දිනය යෝජනා කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දීය ආධිපත්‍යය තහවුරු කිරීමට බව පැහැදිලි ය.
ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආර්ථික හා බලපෑම්කාරී ආධිපත්‍යය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් අතර විවිධ මතවාද සහ විවේචන පවතින අතර, මෙම තීරණය පිළිබඳවද ක්‍රිකට් ලෝකය තුළ විවිධ පැතිවලින් සංවාද ගොඩනැගෙමින් පවතී.














