ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පත් කරන ලද ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) උපසභාපති ඉම්රාන් කවාජා මහතා දිවයිනට පැමිණ තිබේ. ඔහු ඊයේ (15) ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී මෙම කමිටුව පිහිටුවීමේ මූලික අරමුණු පිළිබඳව කරුණු විමසා ඇති බව වාර්තා වේ.
මේ අතර, අයි.සී.සී. (ICC) ආයතනයේ තවත් නියෝජිතයෙකු අද (16) දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් දෙදෙනා එක්ව ලබන සඳුදා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත්, ලැබෙන ආරංචි මාර්ගවලට අනුව අදාළ කමිටුවේ කාලසීමාව මාස තුනකට සීමා කරමින් ඊට අනුමැතිය ලබා දීමට ICC නියෝජිතයන් සූදානමින් සිටින අතර, එම කාලයෙන් පසුව පොදු මහා සභා රැස්වීමක් කැඳවන ලෙස ඔවුන් උපදෙස් දෙනු ඇතැයි පැවසේ. මෙම ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටුව විසින් චිත්‍රසිරි කමිටු වාර්තාවට (Chitrasiri Committee Report) කඩිනමින් සංශෝධන හඳුන්වා දෙමින් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද කටයුතු කිරීමට නියමිතය.














