27 April 2024
#දේශීය

ICTA සහ තරුණ සේවා සභාව එක්ව තරුණ තරුණියන්ට කඩිනම් ඩිජිටල් තාක්ෂණ පුහුණු වැඩසටහන් මාලාවක්

තොරතුර හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා තරුණ තරුණියන්ට ලබාදීම ඉලක්ක කරගනිමින් Lighting Digital Youth Boot Camp නමින් නව වැඩපිළිවලක් ආරම්භ කෙරේ.

ජාතික තරුණ සේවා සභාව සමඟ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව මෙය ක්‍රියාවට නගයි. මෙම ඒකාබද්ධ වැඩසටහන මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට තරුණ තරුණියන් ඉක්මනින්ම යොමුකරගැනීමට සැලසුම් කර ඇත.

එමඟින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි සංවිධානය කෙරෙන පුහුණු කදවුරු 170 වකින් තරුණ තරුණියන් 34,000 කට මෙම අංශයේ රැකියා සදහා ඍජු අවස්ථා ලබාගැනීමට හැකිවේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂද සේනානායක සහ ජාතික තරුණසේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ අතර ඒ සදහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා (18 දා ) මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ . මෙම අවස්ථාවට , යෞවන හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එක්විය .

https://youth.lightingdigital.gov.lk වෙත පිවිසීමෙන් මෙම වැඩපිළිවල හා සම්බන්ද වීමට ලියාපදිංචි විය හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *