27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ඉහලම මූල්‍යමය ප්‍රගතියක් – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

ඉතිහායේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉහලම මූල්‍යමය ප්‍රගතියක් ලබා ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

25 වසරක ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ආ ගමන් මග නව හැරවුම් ලක්ෂයක් වෙත ගෙන ඒමේ ප්‍රථිපලයන් ලෙස 2021 වර්ෂයේදී එම ආයතනයට රුපියල් මිලියන 450 ක මුදලක් අත්කර ගැනීමට හැකි වූ බවඳ රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා ” ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා 2021 වර්ෂයේදී 56,916 ක නව සාමාජික ප්‍රමාණයක් බදවා ගෙන තිබෙනවා. එහි මුල්‍යමය අගය රුපියල් මිලියන 139.62 කි. මේ සියල්ල අතරතුර ප්‍රථිලාභින් සඳහා විශ්‍රාම වැටුප් , පාරිතෝෂිත සහ අධ්‍යාපන කඩයිම් ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 362.61 ක මුදලක් 2021 වර්ෂයේදී පමනක් ගෙවීමට කටයුතු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ සහ සමෘද්ධි , ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය විශ්‍රාම වැටුපකින් ආවරණය නොවන සේවා නියුක්තිකයින් සඳහා රජයේ වගකීම් සහිත විශ්‍රාම වැටුප් ක්‍රම ක්‍රියාත්මක කිරීමට ස්ථාපිත රාජ්‍ය ආයතනයක් යැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *