27 April 2024
#දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි -අධ්‍යාපන ඇමැති

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව හැකි ඉක්මනින්ම පාසල් විවෘත කිරීමට කටයුතු කළ යුතු බවට වර්තමාන රජය දැඩි ස්ථාවරයක සිටින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (20) දින පන්නිපිටිය ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ දී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරප්‍රාප්ත ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ හමුවීමෙන් අනතුරු ව ය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “රටේ පාසල් සියල්ල එකවර විවෘත කිරීම සිදුකළ හැකි දෙයක් නොවුණත් එය ක්‍රමක්‍රමයෙන් සිදු කළ යුතු යි. මේ වනවිට රටේ සියල්ල ම පාහේ යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. අපේ රටට පමණක් නොවෙයි කොවිඩ් 19 සමස්ත ලෝකයට ම අභියෝගයක් වෙලා තියෙන්නේ. රජයක් විදියට වගේ ම රටක් විදියට ත් අපි මේ අභියෝගය ජය ගත යුතු යි. අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය තහවුරු කළ යුතු යි. පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමත් ඒ ඒ පාසල්වලට, විදුහල්පතිවරුන්ට සහ කමිටුවලට ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධවත්, ඒ ඒ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීමේ අධිකාරී බලය පාසල්වලට ලබාදෙන ආකාරය සම්බන්ධව ත් අපි සාකච්ඡා කරනවා. යනුවෙන් ද පැවසී ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *