• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

දුමින්දට සමෘද්ධි ඇමැතිකම හම්බ වුනොත් දුප්පත් කම නැති කරන හැටි කියයි

2 June 2023
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තාමත් මේ රටේ දුප්පත්කම නැති වෙලා නොමැති බවත් තමා සමෘද්ධී ඇමති ලෙස සිටියානම් සමෘද්ධිය ලබා දෙන්නේ අවුරුදු 04 ක් හෝ අවුරුදු 05 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර විලච්චිය පේමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

කෘෂිකර්ම අමාත්‍යංශය යට‌තේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පේමඩුව ගොවිජන සේවා බල ප්‍රදේශයේ බඩ ඉරඟු ගොවීන් වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම හිටපු අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම එක් උපකරණ කට්ටලයක් වර්තමාන මිල යටතේ රුපියල් 110,000ක් පමණ වේ. මෙම බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල සියල්ල SAP-P ව්‍යාපෘතිය විසින් නොමිලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 5000 කට ලබා දීමට පියවර ගෙන තිබේ.ඒ යටතේ පේමඩුව ගොවිජන සේවා බලප්‍රදේශයේ ගොවීන් 350 දෙනෙකු වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල නොමිලේ බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසාානයක මන්ත්‍රීතුමන්.” රෑට රූපවාහිනියේ අපේ රට ණය වෙලා කියලා කියනවා නේද? දැන් ඔබතුමන්ලාත් ඒ ණය වල හවුල්කාරයෙක් නේද? මේ ව්‍යාපෘතියට සම්බන්ධ 5000 පමණක් නෙමෙයි.රටේ දෙකෝටියක් ජනතාව මේ ණය ගෙවනවා.රූපවාහිනිය බලාගෙන ඉඳලා අවුරුදු 74 ක් රට ණය කරලා කියලා කියන කොට ඔකූන්ට හෙන ගහන්න ඔ්න කියලා සමහර අය කියන්න ඇතිනේ ටී.වී එක බල බල, ඒ හෙනේ කොටසක් ඔයගොල්ලන්ටත් හම්බෙනවා.ඒ මොකද රට එදා ඉඳන් ණය වුණා නම් ඒ ණය වල කොටස් වලට ඔබතුමන්ලාත් හවුල්කාරයෝ.හැබැයි මේ ණය දෙකේ වෙනසක් තියෙනවා.ඔබතුමන්ලාට අරන් තියෙන ණය අපි භාණ්ඩ විදිහට ලබා දීලා ඔබතුමන්ලාගෙන් අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි නිෂ්පාදනයක්, සමහර ණය ගත්තාම අපිටත් විවේචනයක් තියෙනවා ඒ ණය රටට ඇත්තටම අත්‍යවශ්‍යයද කියලා.කෙසේ වෙතත් දැන් රට ණය වෙලා, අපි බංකොලොත් වෙලා ඉවරයි.දැන් අපිට – ඔබතුමන්ලාට වගකීමක් තියෙනවා, මේ ගත්ත ණයට අපි සාධාරණයක් ඉටු කරන්න ඔ්නකම තියෙනවා.ඒ සාධාරණය මොකක්ද? මේ යන්ත්‍ර සූත්‍රය ගිහින් ගෙදර තියන එකවත්, මේක විකුණන එකවත් නෙමෙයි.මේ යන්ත්‍රයෙන් බඩඉරඟු වගාවට පමණක් නෙමෙයි, කෘෂිකර්මාන්තයේ ඔ්නෑම වගාවකට උපරිම වශයෙන් භාවිතා කරලා, ඔබතුමන්ලාගේ ආර්ථික ශක්තිය වැඩි කර ගන්න, නිෂ්පාදන ශක්තිය වැඩි කර ගන්න.එහෙම වුණොත් තමයි ඔබතුමන්ලා ඔබතුමන්ලා වෙනුවෙන් රට ණය වෙච්ච එකට ඔබතුමන්ලාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුලුවන්කම තියෙන්නේ.එහෙම නැත්නම් වෙන්නේ රෑට රූපවාහිනිය බලලා ඔ්කූන්ට හෙන ගහන්න කියලා කිව්ව එකේ, හෙනය අනිවාර්යෙන් ඔබතුමන්ලාට වදිනවා.මොකද ඔබතුමන්ලාමනේ කියන්නේ රට ණය කරපු එවුන්ට හෙන ගහන්න ඔ්න කියලා.ඒ කිව්වා නම් ඒ හෙනය අනිවාර්යෙන් වදියි.මේකට හරියට සාධාරණයක් ඉෂ්ඨ කලේ නැත්නම්, හරි නිෂ්පාදනයක් ගත්තේ නැත්නම්, මේ බඩු හම්බෙච්ච නැති ගොවීන්ට වඩා තමන්ගේ අතේ සල්ලි ඉතුරු කර ගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම ඒක වදියි.මං මේ කිව්වේ භය කරන්න නෙමෙයි.අපි ඇත්ත දැන ගන්න ඔ්නකම තියෙනවා.රට වැටුනේ ඇයි කියන එක අපි දැනගන්න ඔ්නකම තියෙනවා.ඒ වගේම රට නැගිට්ටවන්නත් අපි සූදානම් විය යුතු වෙනවා.ඉතිහාසය ගැන අපි කථා බහ කර කර ඉඳලා අච්චරක් ණයයි, මෙච්චරක් ණයයි කියලා බැන්නට එක එක්කෙනාට ඇඟිල්ල දිගු කළාට අපිට කන්න හම්බෙනවාද, අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවාද? එහෙම නම් දැන් අපි මොකා නිසා ණය වුණත්, මොකා හොරකම් කරලා තිබුණත්, ඒකේ අපිත් කොටස්කාරයෝ වුණත් දැන් අපිට සිද්ධ වෙනවා අයේ පාරක් හරි විදිහට නැගිටින්න.දැන් අපි නැගිටින කාළය මිසක් අතීතය දිහා බල බල , එක එකාට බැණ බැණ අවලාද කිය කිය ඉන්න එක නෙමෙයි අපි කරන්න ඔ්නකම තියෙන්‌නේ.මේකා නිසා හරි මේ රට මේ තත්වයට පත් වෙලා තියෙනවා.අපි ඒවාට හවුල් වෙන්න පුලුවන්, නැති වෙන්න පුලුවන්.හැබැයි අපි මේ රටේ ජීවත් වෙනවා.එහෙම නම් රට නැගිට්ටවන්න ගොවිමහත්වරු විදිහට ඔබතුමන්ලා තමන්ගේ රාජකාරිය, තමන්ගේ වගකීම හරි ආකාරව ඉෂ්ඨ කරන්න ඔ්නකම තියෙනවා.
මේ රට නැගිට්ටවන්න නම් අපි පරණ විදිහටම හිතුවොත් හරියන්නේ නෑ, අලුත් විදීහට හිතන්න අපි පටන් ගන්න ඔ්නකම තියෙනවා.ඒකට පක්ෂ භේදයක්, ඒකට ජාති භේදය,ඒකට වර්ග භේදයක් නෑ, අපි හැමෝම එකා වගේ රට නැගිට්ටවන තැනට අපි සූදානම් වෙන්න ඔ්නකම තියෙනවා.හැදෙන එක ඔබතුමන්ලාගේ වැඩක්, නැති වෙන එකත් ඔබතුමන්ලාගේ වැඩක්,ආණ්ඩුවකට පුලුවන්කමක් නෑ, හැමදාම එකම පිරිසකට ආධාර දිදී ඉන්න.දැන් සමෘද්ධි ව්‍යාපාරය පටන් ගත්තේ 1994 දී දුප්පත්කම නැති කරන්න.දැන් අවුරුදු 29ක් ගත වෙලා තියෙනවා.තාමත් මේ රටේ දුප්පත්කම නැති වෙලා නෑ.මම සමෘද්ධී ඇමති හිටියා නම් සමෘද්ධිය දෙන්නේ අවුරුදු 04 ක් හෝ අවුරුදු 05 ක් විතරයි.දෙන උපරිම ටික දීලා හැදියන් කියනවා, නැත්නම් විනාශ වෙයන් කියනවා.දැන් සමෘද්ධී කාඩ් එක තියාගන්න ඔ්නකමට ත්‍රීවිල් එකක් ගත්ත මිනිහා එක ලියාපදිංචි කරන්නේ නෑ තමන්ගේ නමට, ඒක ලියාපදිංචි කරනවා වෙන කෙනෙකුගේ නමට.ට්‍රැක්ටරයක් ගන්න මනුස්සයා ට්‍රැක්ටරය ලියාපදිංචි කරන්නේ නෑ තමන්ගේ නමට සමෘද්ධි කාඩ් එක කැපෙයි කියලා.රුපියල් 2500 ට රුපියල් 5000 ක් වෙනුවෙන් ඊට වඩා දහස් ගණන් හම්බ කර කර අර සමෘද්ධි කාඩ් එක බේරා ගන්න ට්‍රැක්ටරයත් වෙන එකෙක්ගේ නමට ලියාපදිංචි කරනවා, ත්‍රීවිල් එකත් වෙන නමකට ලියාපදිංචි කරනවා.මෙහෙම රටක් හදන්න පුලුවන්ද,? අපි මේ රුපියල් 2500 කට 5000 කට, මේ කාඩ් එක තියාගන්න, කූපන් එක තියා ගන්න හදනවා.මේක නිකං බූදලයක් වගේ.දැන් සමෘද්ධීය වෙනස් කරන කොට, සමෘද්ධී සමීක්ෂණය කරන කොට අපිටත් දොස් කියයි සමෘද්ධිය කැපුවා කියලා.කපන්න ඔ්න තමයි.මේක මේ සදාකාලිකව මැරෙනකල් ජීවත් වෙන්න දුන්න දෙයක් නෙමෙයි.රටේ පවුල් ලක්ෂයක් දුප්පත් නම් ඒ පවුල් වලට අවුරුදු 5 න් නැගිටින්න පාර කපලා අත හදලා දීලා, කරන්න පුලුවන් හැමදේමත් කරලා නැගිටින්න බැරි නම් එවුන්ව කපේට නැගිට්ටවන්න බෑ. ඒක තමයි ඇත්ත, හැබැයි නැගිටින්න පුලුවන් මිනිස්සු ටික අපි නැගිට්ටවගෙන යන්න ඔ්නකම තියෙනවා.මේවා කියන්නේ කා එක්කවත් තරහකට නෙමෙයි.අපි වෙනස් නොවී අනෙක් අයට ඇඟිල්ල දිගු කළාට වැඩක් වෙන්නේ නෑ.සමෘද්ධියෙන් හැදුණ කෙනෙක් ඉන්නවා නම් එයාට පුලුවන්කමක් තියෙන්න ඔ්න මම සමෘද්ධිය නිසා ගොඩ ගියා, බැංකුවේ මගේ මෙච්චරක් තියෙනවා, මං දැන් පොඩි ව්‍යාපාරයක් කරනවා.ඒ නිසා මේ කාඩ් එක දෙන්න දැන් තවත් දුප්පත් එක්කෙනකුට, ඇයි අපිට එහෙම කරන්න බැරි.
අරගලයේ අපිට දුන්න පණිවිඩය මොකක්ද? අරගලයේ කිව්වේ 225 ගෙදර පලයන්, අලුත් 225 ක් අරගලයෙන් ඇවිත් වාඩිවෙයන් කියලා නෙමෙයි.ජනාධිපති ගෙදර පලයන්, අගමැති ගෙදර පලයන්, කැබිනට් එක ගෙදර පලයන් කියන එක පමණක් නෙමෙයි.ඒකත් එක පණිවිඩයක්, අනෙක් දේ මොකක්ද? අපි හැමෝම මේක වෙනස් කරන්න ඔ්නකම තියෙනවා.අධ්‍යාපනයේ ඉඳන්, රාජ්‍යය නිළධාරී මට්ටමේ ඉඳන්, දහම් පාසලේ ඉඳන් හැම ක්ෂ්‍රේත්‍රයක්ම අපි වෙනස් වෙන්න ඔ්නකම තියෙනවා.හැබැයි අරගලයේ තිබුණ සැබෑ අරමුණ දේශපාලනය ඇවිත් විනාශ කරා.එදා කුඹුරේ ඉඳන්, පොලේ ඉඳන්, ගෝල්ෆේස් එකේ ඉඳන් කථා කලේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කථා කලේ, අපි හැමෝම වෙනස් වෙන්න ඔ්න කියලා කථා කලේ අපි හැමෝම කියලා කියන කොට පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි, ජනාධිපති, අගමැති විතරක් නෙමෙයි, හැබැයි අවසානයේ දේශපාලනය මේකට ආවාම ඒ සේරම හොඳ අදහස් ගිහින් මේක විනාශ වුණා.හැබැයි අදත් අපි අරගලය නියෝජනය කරනවා සිස්ටම් චේන්ජ් එක්ක වෙනුවෙන්.
මේවා කිව්වාම තරහා වෙන කට්ටිය වැඩියි, හැබැයි රට හදන්න නම් තරහා කරගෙන හරි කියන්න වෙනවා.අද ඔබතුමන්ලා දන්නවානේ අපි නිදහස් අධ්‍යාපනය ගැන කථා කරනවා,හැබැයි සමහර පාසල් වල පන්ති භාර ගුරුවරයාගේ අතිරේක පන්තියට දරුවාව යැව්වේ නැත්නම් මොකද වෙන්‌නේ.ළමයාට පන්තියේ ඉන්න පුලුවන්කමක් නෑ.මේවා තමයි ඇත්ත.හැබැයි මහ ලොකුවට නිදහස් අධ්‍යාපනය කියනවා.ළමයා පාසලට දාගන්න අධ්‍යාපන ලේකම්ගේ ලියුම තියෙනවා.හැබැයි පාසලට ගියහම විදුහල්පති පාසලට ආධාරයක් ඉල්ලනවා.හැබැයි අපි කථා කරන්‌නේ නිදහස් අධ්‍යාපනය ගැන.හැබැයි අපි ලේසියට බනින්නේ දේශපාලඥයින්ට.සමහර වෙලාවට රජයේ කාර්යාලයකට ගියහම, පාස්පෝට් එකක් හදාගන්න ගියහම, ලේසියෙන් හදාගන්න පුලුවන්ද? කීයක් අතමිට මොළවන්න ඔ්නද? ඒවත් වෙනස් වෙන්න ඔ්න. සාමාන්‍යය කාර්යාලයකට ගියහම දේශපාලඥයෙක් හදුනගෙන ඉන්න ඔ්න නෑ, නිළධාරියා හදුනාගන්න ඔ්න නෑ, කාර්යාලයකට ගියහම ඔ්නෑම කෙනෙකුට රාජකාරියක් නිදහසේ කරගන්න පුලුවන්කම තියෙන්න ඔ්න.අපි මේවා තමයි අරගලයෙන් ඉල්ලුවේ.අරගලයේ අපි කථා කලේ මේ වෙනවා.අපි අරගලය නියෝජනය කලේ මේ හොඳ තැනට රට ගෙනියන්න.එහෙම නම් අපි හැමෝම වෙනස් වෙන්න කාළය උදා වෙලා තියෙනවා.මේ අපි සියලු දෙනාම අපේ තියෙන වැරදි හදා ගෙන එකතු වුණේ නැත්නම්, අපි එක එක්කෙනාට ඇඟිල්ල දිගු නොකර, දේශපාලඥයෝ දේශපාලඥයින්ගේ වැරැද්ද, නිළධාරීන් නිළධාරීන්ගේ වැරැද්ද, සාමාන්‍යය ජනතාව සාමාන්‍යය ජනතාවගේ අඩුපාඩුව තේරුම් අරගෙන හදාගත්තොත් තමයි අපිට මේ රට නැගිට්ටවන්න පුලුවන්කම තියෙන්‌නේ.එහෙම නැතිව බොහෝම ජනප්‍රිය විදිහට එක එක්කෙනාට බැණ බැණ හිටියට මේ රට හැදෙන්නේ නෑ, නැගිට්ටවන්න බෑ, දැන් අපිට උදව් කරන්න කවුරුත් නෑ, ආධාර දෙන්නත් නෑලු, සල්ලිත් නෑලු, පඩි ගෙවන්නත් බෑලු, තෙල් අඩු කරන්නත් බෑලු, විදුලි බිල අඩු කරන්නත් බෑලු, එන්න එන්න හැමදේම වැඩිත් වෙනවාලු, දැන් එහෙම නම් අපි- අපි එකතු වුණේ නැත්නම් අපිට නැගිටින්න පුලුවන්ද? අපි-අපි මේක විඳ දරාගෙන පුලුවන් තැනින් අපි ඔලුව ඉස්සුවේ නැත්නම් අපිට ඔලුව උස්සන්න පුලුවන්ද?
සමහරු වේදිකාවට ඇවිත් කියනවා අපිට දෙන්න අපි කරලා පෙන්වන්නම් කියලා.යකෝ මෙච්චර වැටුණට පස්සේ ආයේ දෙන්න දෙයක් නෑ, ඇවිල්ලා කරපල්ලාකෝ, හැමෝම එකතු වෙලා මේ රටේ මීනිස්සු අපිට දෙනකල් දුක් විඳපන් කියලාද ඒ අය කියන්නේ.ඒ නිසා තමයි කියන්නේ දේශපාලනය පැත්තකින් තියලා අපි හැමෝම එකට එකතු වෙලා කවුරු හරි මොකක් හරි ක්ෂ්‍රේත්‍රයක් වෙනුවෙන් දක්ෂ නම් ඒ වෙනුවෙන් යෝජනාවන් කරලා මේ රට නැගිට්ටවන එක තමයි අපි දැන් කරන්න ඔ්නකම තියෙන්‌නේ.
අහවල්ලුත් හොඳනෑ, මේගොල්ලත් හොඳ නෑ, තව සමහරු හොඳයි කියනවානේ කට්ටිය, අර වැව් 1000 ක් හදන වැඩසටහනේ ගොවි සංවිධාන තිබුණා එක්කෝ ශ්‍රී ලංකා, එක්කෝ යූ.එන්.පී ඒ අය මොනවාද කලේ, වෙනම වැව් සමිති හැදුවා කොන්ත්‍රාත් දෙන්න.එහෙනම් අපිත් එකයි, උනුත් එකයි, තොපිත් එකයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ.වෙන කවුරුත් විශේෂ මිනිස්සු නෑ.එහෙම නම් දැන් හැමෝම එකට එකතු වෙනවා මිසක්, එක එක්කෙනාට දෝශාරෝපනය කරන එක නෙමයි කරන්න ඔ්නකම තියෙන්නේ.
මේ කථාව කිව්වේ දුමින්ද නිසා සමහරු මේ කථාවේ කිව්ව දේවල් කිසි දෙයක් කරන්නේ නෑ කියලා හිතනවා ඇති.ඔ්කා කිව්වොත් එහෙම කරන්න කියලා කරන්නේම නෑ කියලා හිතෙනවා ඇති.ඒ ගොන් වැඩේ කරන්න එපා.කවුරු හරි හරි දෙයක්, හොඳ පණිවිඩයක් කියනවා නම් ඒ හොඳ ටික ඔබතුමන්ලා ගන්න.කියන පුද්ගලයාගේ පක්ෂය, පාට, වයස වැඩක් නෑ, හොඳ දේ අරන් අපි හැදුනොත් අපිට අපේ රට හදන්න පුලුවන්, අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී කරන්න පුලුවන්, එහෙම නැතිව යන රැල්ලේ බැණ බැණ ගිහිල්ලා කරන වරද දිගටම කරගෙන ගිහින් අපිට පුලුවන්ද අපේ දරුවන්ට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරන්න.හරි දේ කවුරු හරි කියනවා නම් ඒදේ ඔලුවට අරගෙන රට වෙනස් කරන්න දායක වෙන්න.
අපි හැමදාම බණ අහනවා නේද? කොච්චර බණ ඇහුවත් අපි හැදිලා තියෙනවාද? අපි හැමදාම බණ ටික පන්සලේ තියලා යනවා, ටී.වී එකේ බණ ඇහුවොත් එක කෑම කාමරේ තියලා යනවා.බණ අහලා තිබුණට හිතට අරන් හැදිලා නෑ, දැන් අපි හැදෙන්න ඔ්න කාළය උදා වෙලා තියෙනවා.දැන් හරි අපි රට වෙනස් කරමු.ඡන්දේ කාළයට ඔ්න දෙයක් කරන්න.වැටිච්ච රට නැගිට්ටවන එකේ කොටස්කාරයෙක් පංගුකාරයෙක් වුණොත් මේ රට ඉක්මනින් නැගිට්ටවන්න පුලුවන්කම තියෙනවා යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහිර ආසන සංවිධායක නලීන් දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිළධාරීන්, කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශ නිළධාරීන් හා ගොවි ගෙවිලියන් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 7
Previous Post

සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට සූදානම් වෙනවා – ඇමති ප්‍රසන්න  

Next Post

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් ඡන්ද පදනමක් නැහැ – ජනපති

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් ඡන්ද පදනමක් නැහැ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved